ගැටුම් පවතින සිරියාවේ අලෙප්පෝ නගරයේ සිරවී සිටින 250 000ක පමණ සාමාන්‍ය ජනතාවට ආධාර කරන්නැයි එහි තවදුරටත් සේවයේ යෙදී සිටින වෛද්‍යවරු කණ්ඩායම ඇමරිකානු ජනපති බැරක් ඔබාමාගෙන් ආයාචනා කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍යවරු 29දෙනකුගේ අත්සනින් නිකුත් කර ඇති මෙම ලිපියෙන් අවධාරනය කර ඇත්තේ දැනට සිදු කරන ආකාරයේ පහරදීම් දිගින් දිගටම පැවතුනහොත් මාසයක් ගතවනවිට අලෙප්පෝ නගරයේ කිසිවකුත් ඉතිරි නොවනු ඇති බවයි.
අලෙප්පෝ නගරයට සිදු කරන ගුවන් ප්‍රහාර නවත්වන ලෙසද ඔවුන් ඉල්ලා ඇත.
රුසියාව පවසා ඇත්තේ දිනකට පැය තුනක සටන් විරාම කාලයක් පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
මිලියන ගනනක් ජනතාවට උපකාර කිරීම සඳහා පැය තුනක කාලය කිසිසේත් ප්‍රමානවත් නොවන බවත් ඒ සඳහා පැය 48ක විරාම කාලයක් ලබා දෙන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලීම් කර ඇති බවද වාර්තා වේ.
2025 නොවැම්බර් මස 04
613
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබාමාට වෙදැදුරන්ගෙන් ඉල්ලීමක්
අහමඩ් Thursday, 11 August 2016 04:41 PM
සිරියාවේ ඒකාධිපති නායක අසාද්ට විරුද්ධව සිදුවෙන ජන නැගිටීමට එරෙහිව රුසියාව දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරනවා. රුසියාවට අවශ්‍ය සිරියාවේ ඇති තම හමුදා කඳවුරු හා තෙල් ව්‍යාපාරය රැකගැනීමට ඒකාධිපති අසාද් දිගටම බලයේ තබාගැනීමයි (නි)
නිමල් Sunday, 14 August 2016 03:54 PM
අහමඩ් අැමෙරිකාවටත් ඕන ඔය ටිකම තමයි. (බ)
ටිකිරි Thursday, 11 August 2016 06:17 PM
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
ජයනාත් ශ්‍රී Sunday, 14 August 2016 04:33 PM
මෝඩ විදිහට හිතන මිනිස්සු ඉන්නකම් සිරියාවේ ජනතාවට ගැළවුමක් නැහැ. අයිඑස් කියන්නෙත් රිබෙල්ස් කියන්නෙත් ඇමෙරිකාව පුහුණු කරපු හමුදාව. රිබෙල්ස් කියලා වෙන නමකින් එකම ඇමරිකන් හමුදාවල් දෙපැත්තෙන් යොදවා පහර දෙනවා. (නි)