IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඓතිහාසික හමුවීමක් මැද ශීත ඔලිම්පික් උලෙළ ආරම්භ වෙයි

ප්යොන්ග්චැන්ග්හිදීය (ඒ.එෆ්.පී)
 
විශේෂ අවස්ථා කිහිපයක් ද සමගින් දකුණු කොරියාවේ ප්යොන්ග්චැන්ග්හිදී ශීත ඍතු ඔලිම්පික් උලෙළ අද (9) ආරම්භ විය.
 
සමාරම්භක උත්සවයේදී උතුරු සහ දකුණු කොරියානු ක්‍රීඩික ක්‍රීඩිකාවෝ එක්ව ආචාර පෙළපාලියේ යෙදුණු අතර දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සහෝදරියට අතට අත දී සුබ පැතුම් එක් කිරීම මෙහිදි වඩාත්ම වැදගත් සිදුවීම විය. ඔවුන් දෙදෙනා අතට අතට දීම ඓතිහාසික සිදුවීමක් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර ඔවුන් දෙදෙනා අතට අත දෙන ඡායාරූපය මේ වනවිටත් ලෝක මාධ්‍යයේ සහ සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධියට පත්ව තිබේ. 
 
සුදු පැහැති පසුබිමක කොරියානු අර්ධද්වීපය නිරූපණය වන, උතුරු හා දකුණු කොරියාව නියෝජනය කරන දෙරටේ ඒකාබද්ධ ධජය යටතේ දෙරටේ ක්‍රීඩකයන් එක්ව ආචාර පෙළපාලියේ යෙදුණු අතර එය ක්‍රීඩාංගනයේ රැස්ව සිටි ප්‍රේක්ෂක ජනතාව අසුන්වලින් නැගී සිටීමට ද හේතුවක් ද විය. 
 
එම අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපති මූන් ජායි ඉන් උතුරු කොරියාවේ බලසම්පන්න නායක කිම් ජොන් උන්ගේ සොහොයුරිය වන කිම් යෝ ජොන්ග්ට අතට අත දුන්නේය. ඔවුන් දෙදෙනාම සිනා මුසු මුහුණින් පසුවූහ. 
මාස ගණනක තර්ජන ගර්ජන, අර්බුද සහ මතභේදවලින් පසුව දෙරට අතර සුහදතාව වර්ධනය වෙමින් තිබේ. 
 
කොරියානු යුද්ධයෙන් පසු දකුණු කොරියාවේ සංචාරයක නිරත වන උතුරු කොරියානු පාලන වංශයේ පළමු සාමාජිකයා කිම් යෝ ජොන්ග්ය. උතුරු කොරියාව සහ දකුණු කොරියාව 2006 වසරේ ටියුරින් හි පැවති ශීත ඍත ඔලිම්පික් උලළේදී එක්ව ආචාර පෙළපාලියේ ගමන් කළහ. එමෙන්ම උතුරු කොරියාව හා දකණු කොරියාව 2000 වසරේ සිඞ්නිහිදීත් 2004 වසරේ ඇතැන්ස්හිදීත් පැවැති ඔලිම්පික් උලෙළුවලදී සංකේතාත්මක අභිනයක් නිරූපණය කළේය. 
 
 
055 

 



අදහස් (3)

ඓතිහාසික හමුවීමක් මැද ශීත ඔලිම්පික් උලෙළ ආරම්භ වෙයි

Perakum Saturday, 10 February 2018 07:57 AM

හරිම වින්දනීය පුවතක්. නොබෝ දිනකින්ම ඒකීය කොරියාවක් බිහි වේවායි ඉතා සිතින්ම පතමු.

:       0       201

ashoka Monday, 12 February 2018 09:03 AM

නොබෝ දිනකින්ම ඒකීය කොරියාවක් බිහි වේවායි එක සිතින්ම පතමු.

:       0       0

ashoka Monday, 12 February 2018 09:04 AM

නොබෝ දිනකින්ම ඒකීය කොරියාවක් බිහි වේවායි ඉතා සිතින්ම පතමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site