IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සාකච්ඡාවක් ලබන සතියේ

                     
සෝල්හිදීය (රොයිටර්)

 
සාකච්ඡා සඳහා දකුණු කොරියානු පාර්ශවයෙන් ඉදිරිපත් වූ යෝජනාව උතුරු කොරියාව විසින් පිළිගනු ලැබ තිබේ.
 
මේ අනුව වසර දෙකකට පසු පළමු වරට උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. ඇමෙරිකා සමඟ පැවැත්වීමට නියමිතව තිබූ ඒකාබද්ධ යුද මෙහෙයුම් නවතා දමන බවට දකුණු කොරියාව නිවේදනය කිරීමත් සමඟ උතුරු කොරියාව දකුණු කොරියාවේ ආරාධනය පිළිගෙන තිබේ.
 
බොහෝ දුරට මෙම සාකච්ඡා ජනවාරි 8 වැනිදා පැවැත්වෙනු ඇතැයි ප්‍රකාශයට පත්ව තිබුණ ද උතුරු කොරියාව සාකච්ඡා සඳහා එකඟතාව පළ වීමත් සමඟ දින, වේලාව සහ ස්ථානය ද ස්ථීර වී තිබේ.
 
මේ අනුව ලබන 9 වැනි දා ග්‍රිනිච් මධ්‍ය වේලාවෙන් පැය 0116ට දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ. දෙරට අතර අවසන් වරට සාකච්ඡා පැවත්වූයේ 2015 වසරේ දෙසැම්බර් මාසයේදීය.
 
දෙරටේ නියෝජිතයන් දේශසීමාව ආසන්න තිබෙන පැන්මුන්ජොම් ගම්මානයේදී හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර එහිදි අන්තර් කොරියානු සබඳතා  වර්ධනය ගැනීම සම්බන්ධයෙන් මෙන්ම දකුණු කොරියාවේ පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි පැවසේ.
 
සාකච්ඡා සඳහා සහභාගී වන නිලධාරීන් කවුරුන් ද යන්න තවමත් නිවේදනය කර නැති අතර සාකච්ඡාවලදී ලිපිලේඛන හුවමාරු කරගන්නේ ද යනුවෙන් උතුරු කොරියාව සාකච්ඡාව සම්බන්ධයෙන් කරුණු විමසා තිබේ.
 
මෙම සාකච්ඡාව සඳහා මුල පුරන ලද්දේ උතුරු කොරියානු නායකයා. අලුත් අවුරුදු උදාවේදී ප්‍රකාශයක් කරමින් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිරට අනතුරු ඇඟවුවද කොරියානු අර්ධද්වීපයේ අර්බුද විසඳිය යුතු ප්‍රකාශය කළේය. දකුණු කොරියාවේ පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලට උතුරු කොරියාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කරන බව ද හෙතෙම කීය. එය ජාත්‍යන්තරයේ අවධානයට ද ලක්විය.
 
උතුරු කොරියානු නායකයාගේ එම ප්‍රකාශයෙන් පසු ඊට දකුණු කොරියාවෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වූ අතර දෙරටේ දේශසීමා අතර සන්නිවේදන කටයුතු ද වසර කිහිපයකට පසු නැවත ආරම්භ වී තිබේ. සාකච්ඡා සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා මුලදී විවේචනාත්මක ස්වරූපයෙන් අදහස් දැක් වුවද අර්බුදය විසඳීම සඳහා සාකච්ඡා පැවැත්වීම ඉතා හොඳ දෙයක යැයි පසුව ප්‍රකාශ කළේය. 



අදහස් (2)

උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර සාකච්ඡාවක් ලබන සතියේ

රූපසිංහ Friday, 05 January 2018 12:33 PM

අනේ වාසනාවන්!!!. අපට තව ටික කලක් ජීවත් වීමේ වාසනාව තියෙනවා වගේ. නැතිනම් ඔය කොහේ හරි යන නියුක්ලියර් බෝම්බ කෑල්ලක් වත් මේ පැත්තට වැටුනොත් කියලා මුලින් මම හිතුවේ...

:       0       0

ධනුෂ්ක Friday, 05 January 2018 03:29 PM

දකුණු කොරියාව දන්නවා යුද්ධයක් අැති වුණොත් තමනුත් විනාශ වන වග. අැමරිකාව තමයි මේ හැමදේම අවුල් කරන්නේ.... ඔවුන් දැන් වියරු වැටී සිටින්නේ කඩා වැටෙන අාර්ථිකයත් වෙළඳපලත් රැක ගැනීමට. ඔවුන් මෙතෙක් කල් අාධාර දෙන මුවාවෙන් සිදු කලේ, යම් රටකින් සූරා ගන්නා ලාභයෙන් සුළු කොටස් එම රටටම නැවත ලබා දීම. දැන් එ්කත් අසාර්ථකයි. එ්කයි දැන් රටවල් වලට එක්සත් ජාතීන්ට ලබා දෙන අාධාර කපා හරින්නේ... දැන් අැමරිකාවට ඕනේ වෙලා තියෙන්නේ මහා පරිමාණ යුද්ධයක්....

:       0       104

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site