IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උතුරු කොරියාවේ හමුදා ප්‍රධානියා ලෙස ‘රි යොන්ග් ගිල්‘ පත් කරයි

(සෝල්හිදීය (රොයිටර්)

උතුරු කොරියානු හමුදාවේ ප්‍රධානියා ලෙස රි යොන්ග් ගිල් පත් කර ඇතැයි එරට රාජ්‍ය මාධ්‍ය අද (27) තහවුරු කළේය. 

මෙම පත් කිරීම උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් එරට ක්‍රියාත්මක කරන වෙනස්කම්වලින් එකකි. උතුරු කොරියානු නායකයා පසුගිය කාලයේදී අමාත්‍යධුර, හමුදාවේ තනතුරු ආදී කිහිපයක්ම වෙනස් කළේය. 

එක්සත් ජනපදය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමේදීත් ආර්ථිකය දෙස අවධානය යොමු කිරීමේදීත් වයස්ගත පිරිස් වෙනුවට තමන්ට පක්ෂපාතී තමන්ගේ අණ සහ නියෝග කරන නව නිලධාරීන් පත් කිරීමට කිම් ජොන් කටයුතු කරමින් සිටින බව ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීහු සහ විශ්ලේෂකයෝ පවසති. 

රි යොන්ග් ගිල් තරු හතරේ ජෙනරාල්වරයකු වූ අතර 2016 වසරේදී ඔහු නියෝජ්‍ය ප්‍රධානී ධුරයට පහත දැමූ අතර තරු තුනක් ද ඉවත් කළේය. ඊට නිශ්චිත හේතු මොනවාදැයි වාර්තා නොවීය.
 
ඔහුට අමතරව පළමු නියෝජ්‍ය ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කළ නෝ ක්වැන්ග් චොල් ආරක්ෂක ප්‍රධානී තනතුරටත්, එරට හමුදා ජෙනරාල්වරයකු වන කිම් සූ ගිල් කොරියානු හමුදාවේ බලවත්ම ඒකකය වන දේශපාලන අංශයේ ප්‍රධානී තනතුරට ද පත් කරනු ලැබ සිටී. 

අලුතෙන් තනතුරුවලට පත් කර සිටින නිලධාරීන් සියලු දෙනා අවුරුදු 60 වයස් සීමාවේ පසුවූවත් ඔවුන්ට කලින් සිටි නිලධාරීන්ට වඩා වයසින් අඩුවීම ද විශේෂත්වයකි. 

(055)



අදහස් (0)

උතුරු කොරියාවේ හමුදා ප්‍රධානියා ලෙස ‘රි යොන්ග් ගිල්‘ පත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site