IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


උතුරු කොරියාව න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නෑ

උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නැතැයි එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ සංවිධානයක් උපුටා දක්වමින් ඒ.බී.සී. නිව්ස් පුවත් සේවය වාර්තා කර ඇත. 

පසුගිය වසරක කාලයේදී උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නැතැයි ද ඔවුන් අඛණ්ඩව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික අවි සංවර්ධනය සිදු කර ඇතැයි ද න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ක්‍රියා කරන එක්සත් ජාතීන්ගේ ආයතනය නිකුත් කරන ලද නවතම වාර්තාවක දැක්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය ප්‍රසිද්ධියට පත් කරන ලද නව වාර්තාවකින් එම කරුණු අනාවරණය වී තිබෙන අතර ඒ බව මුලින්ම වාර්තා කරනු ලැබුවේ ඒ.බී.සී. නිව්ස් පුවත් සේවයයි. 

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය මෙම වාර්තාව නිකුත් කර ඇත්තේ සඳුඳා (20) දිනයේදීය. උතුරු කොරියාව තම න්‍යෂ්ටික අත්හදා බැලීම් දිගින් දිගටම සිදු කර ඇති බවත් න්‍යෂ්ටික අවි සංවර්ධනය කිරීම නවත්වා නැති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

එම ක්‍රියාකාරකම් තම ආයතනය දැඩි අවධානයට ලක්වී ඇතැයි ද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ආයතනය සඳහන් කර ඇත.

උතුරු කොරියාවේ එම ක්‍රියාකාරකම් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිර්දේශ දැඩි ලෙස උල්ලංඝණය කිරීමක් යැයි ද එම ආයතනය තවදුරටත් සිය වාර්තාව මගින් පෙන්වා දී තිබේ. 

ඡායාරූප ඒ.එෆ්.පී/ගෙටී ඉමේජස්

055



අදහස් (1)

උතුරු කොරියාව න්‍යෂ්ටික ක්‍රියාකාරකම් නවතා නෑ

Bamunuarachchi Thursday, 23 August 2018 08:47 AM

මේ ගොල්ලෝ පිළිපදින්නේ සාමය අවශ්‍යනම් යුද්දෙට සැරසෙන්න කියන නීතිය.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site