IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

ඇමෙරිකා එක්සත් ජනපදය දිගින් දිගටම තම න්‍යෂ්ටික අවි ආයුධ එකතුව අත්හරින්නැයි බලපෑම් කළහොත් තම නායක කිම් ජොන්ග් උන් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අවලංගු කරන්නේ යැයි උතුරු කොරියාව අද (16) අනතුරු ඇඟවීය.
 
ට්‍රම්ප් පරිපාලනය දිගින් දිගටම න්‍යෂ්ටික අවි අත්හළ යුතු යැයි බලපෑම් කළහොත් තම රටට ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා පැවැත්වීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි උතුරු කොරියාවේ පළමු නියෝජ්‍ය විදේශ අමාත්‍ය කිම් කයි ග්වෝන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
උතුරු කොරියාව සම්පූර්ණ න්‍යෂ්ටික අවිහරණයකට ගමන් කළ යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපදය නොකඩවා ප්‍රකාශ කරන නමුත් උතුරු කොරියාව ඒ සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි ප්‍රකාශයක් කර නොමැත.
 
දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් පසුගිය අප්‍රේල් 27 වැනි දා හමු වී සාකච්ඡා පැවැත්වූ අතර එහිදි උතුරු කොරියානු නායකයා කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත්කරන බවට සහතිකයක් දුන්නේය.
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් අතර හමුව ජූනි 12 වැනිදා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය. 
 
ඒ.එෆ්.පී
 
055



අදහස් (1)

උතුරු කොරියාවෙන් ඇමෙරිකාවට අනතුරු ඇඟවීමක්

ruwan Wednesday, 16 May 2018 07:48 PM

එතකොට ඇමෙරිකාව එයාලගේ තුප්පහි දේවල් නතර කරන්නේ කවද්ද

:       14       39

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site