IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට

සෝල්හිදීය (ඒ.එෆ්.පී)
 
ලබන මස පැවත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙලේ  කටයුතුවලට සම්බන්ධ වීම සඳහා උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට පැමිණ තිබේ. 
 
ශීත ඍතු ඔලිම්පික් උළෙලේ  ක්‍රීඩා පැවත්වෙන ක්‍රීඩාංගන ස්ථාන නිරීක්ෂණය කිරීම සහ සංස්කෘතික අංග සඳහා සූදානම්වීම සඳහා උතුරු කොරියානු නියෝජිත පිරිස එලෙස දකුණු කොරියාවට පැමිණියහ. උතුරු කොරියානු දූත පිරිසක් මෙලෙස දකුණු කොරියාවට පැමිණියේ සිව්වසරකට පසුය. 
 
දකුණු කොරියාව සහ උතුරු කොරියාව අතර මෙලෙස යහපත් සබඳතාවලට මුල පිරුණේ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන් උන් කළ ප්‍රකාශයත් සමඟය. ඉන් අනතුරුව දෙරටේ නියෝජිතයන් අතර සාකච්ඡා පැවත්විණි. එම සාකච්ඡා සාර්ථකව අවසන් වූ බව දෙපාර්ශ්වයම නිවේදනය කළේය.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ශීත ඍතු ඔලිම්පික් උළෙල සමාරම්භක උත්සවයේදී උතුරු හා දකුණු කොරියාව, සුදු පසුබිමක කොරියානු අර්ධද්වීපය ළා නිල් පැහයෙන් දැක්වෙන ‘එක්සත් ධජය’ යටතේ ආචාර පෙළපාලියේ ගමන් කිරීමට නියමිතය. 
 
055 



අදහස් (1)

උතුරු කොරියානු දූත පිරිසක් දකුණු කොරියාවට

de silva Monday, 22 January 2018 04:33 PM

මෙන්න මෙහෙම එකට එකතුවෙලා තමා ප්‍රශ්න විසදා ගන්න ඕනේ මේක අප කාටත් හොඳ ආදර්ශයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site