IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකින් 12 ක් මරුට

ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන් එල්ල කරන ලද ප්‍රහාර වලින් පලස්තීන ජාතිකයන් 12 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 
ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (14) විවෘත කිරීමට නියමිතව තිබියදී ඊශ්‍රායල පලස්තීන දේශසීමාවේ විරෝධතා මෙලෙස ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගෙන තිබේ. 
 
ගාසා දේශසීමාවට පලස්තීන වැසියන් දහස් ගණනක් එක්රැස් වී ඇතැයි ද මියගිය පිරිස අතර 14 වියැති අයකු සහ විසි හැවිරිදි වියේ පසුවන දෙදෙනකු සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


 
ගැටුම් හේතුවෙන් 700කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි බොහෝ දෙනකු තුවාල ලබා ඇත්තේ වෙඩි උණ්ඩ වැදීමෙන් යැයි ද ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේය.
 
ආරක්ෂක වැට දෙස පැමිණෙන ඕනෑම අයකු තමන්ගේ ජීවිතය අනතුරු දමාගන්නා බව ඊශ්‍රායල ආරක්ෂක අංශ අනතුරු අඟවා තිබේ. 
 
ජෙරුසලමේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා ධවල මන්දිර නියෝජිත පිරිස පැමිණීමත් සමඟ ගාසා තීරයේ විරෝධතා වැඩි වී අතර ඒවා ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ද ගත්තේය.
 
ඩේලිමේල් ඇසුරිනි.
 
055 
 



අදහස් (0)

ඊශ්‍රායල ස්නයිපර් තුවක්කුකරුවන්ගේ ප්‍රහාරයකින් 12 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site