ජෙරුසලෙම්දීය (රොයිටර්)
ගාසා දේශසීමා කපොල්ල වසා දමන බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලෙම හඳුනාගැනීමත් සමඟ ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල වන්නට වී තිබේ.
ඇමෙරිකා ජනාධිපතිවරයා ජෙරුසලෙම ඊශ්‍රායලයේ අගනුවර ලෙස හඳුනාගන්නා බවත් තෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලෙමට ගෙන යන බවත් ප්‍රකාශ කිරීම පලස්තීන වැසියන්ගේ කෝපයට හේතු වී තිබේ.
ඊශ්‍රායල ගුවන් හමුදාව හමාස් සංවිධානයට අයත් ස්ථාන තුනකට ප්‍රහාර එල්ල කර ඇතැයි ද වාර්තා විය. ගාසා තීරයේ පාලනය තිබෙන්නේ හමාස් සංවිධානය සතුවය. ඇමෙරිකා ජනාධිපතිවරයාගේ තීරණයත් සමඟ හමාස් සංවිධානය දිනපතා ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර එල්ල කිරීම අරඹා තිබේ.
හමාස් සංවිධානයේ ආයුධ ගබඩා කරන ස්ථාන සහ පුහුණු කඳවුරු පවත්වාගෙන යන ස්ථාන වෙත ප්‍රහාර එල්ල කළ බව ද ඊශ්‍රායල ගුවන් හමුදාව සඳහන් කරයි.
හමාස් සංවිධානය එල්ල කරන ලද රොකට් ප්‍රහාර දෙකක් සාර්ථකව ව්‍යර්ථ කිරීමට ඊශ්‍රායලය සමත්ව තිබෙන අතර අද උදෑසන එල්ල කරන ලද රොකට් ප්‍රහාරයක් විවෘත ප්‍රදේශයකදී පුපුරා ගොස් තිබේ. ප්‍රහාරවලින් දෙපාර්ශවයේ කිසිවකුටත් හානි සිදු වී නැතැයි ද වාර්තා විය.
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1753
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඊශ්‍රායලය ගාසා කපොල්ල වසා දමයි