IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම වුනොත් ගැටලු රැසක්

අම්මාන්හිදීය (රොයිටර්/ඒ.එෆ්.පී)
 
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලම  ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගතහොත් දරුණු ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍යවරයා  අනතුරු අඟවා තිබේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම පිළිගැනීමට කටයුතු කළහොත් එය අරාබි සහ මුස්ලිම් ලෝකය කෝප ගන්වන ක්‍රියාවක් වනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමාන් සෆාදි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් රෙක්ස් තිලර්සන්ට පවසා තිබේ. 
 
 
ජනාධිපතිවරණ පොරොන්දුවක් ඉටු කරමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජෙරුසෙලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට කටයුතු සූදානම් කරමින් සිටින බවට තොරතුරු වාර්තා වීමත් සමඟ මෙම අර්බුදකාරී තත්ත්වය නිර්මාණය වී තිබේ. 
 
කෙසේ නමුත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදේශක වශයෙන් කටයුතු කරන ඔහුගේ බෑණා වන ජාර්ඩ් කුෂ්නර් එවැනි කිසිදු තීරණයක් ගෙන නැතැයි පවසා ඇත. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසෙලම පිළිගැනීමට කටයුතු කළහොත් දරුණු ප්‍රතිවිපාක ඇතිවනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් ද නිකුත් කර තිබිණි. 
 
එවැනි තීරණයක් නිසා තෙල් අර්බුදයක්, මුස්ලිම් හා අරාබි ලෝකය කෝපගැන්වීමක් සහ සාම සැලසුම් සියල්ල විනාශ වීමක් සිදුවිය හැකි යැයි ඔහු තවත් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි. 
 
මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අරාබි ලීගයේ සහ සාමාජික රටවල් 57කින් සමන්විත මුස්ලිම් සහයෝගීතා සංවිධානයේ හදිසි රැස්වීම් කැඳවීමට ද ජෝර්දානය  කටයුතු කර තිබිණි.



අදහස් (2)

ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසෙලම වුනොත් ගැටලු රැසක්

rodney Wednesday, 06 December 2017 02:58 PM

බයිබලයේ ලියා තිබෙන ආකාරයට සියල්ල සිදුවෙමින් තිබේ. ඉන්පසු අරාබි රටවල් ඊශ්‍රායලය ආක්‍රමණය පිණිස වටලනවා කියා යේසුස් වහන්සේ අවුරුදු 2000කට පෙර කියල තියෙනවා

:       481       340

sirimathFriday, 08 December 2017 04:18 AM

එක නිසා තමයි ඇමරිකාව කොහොමහරි ඉරානයයි සෞදි අරාබියයි තරහ කරලා තියන්නේ. නැත්තම් ඊශ්‍රායලය විතරක් නෙවෙයි අනිත් රටවල් වලටත් අරාබිය නටවන්න බෑ. මතකනේ ඉස්සර ඔටෝමන් රාජධානිය.

:       104       28

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site