IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉරාන විරෝධතාවලින් 10ක් මරුට

තෙහ්රාන්හිදීය (ඒ.එෆ්.පී)
 
ඉරානයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් මියගිය ගණන 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ද අත්අඩංගුවට පත් පිරිස 200 ඉක්මවා ගොස් ඇතැයි ද එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
විවේචන කිරීමට නිදහස තිබෙන බව ද කලබල නොකරන්නැයි ද ඉරාන ජනාධිපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා තිබෙන අවස්ථාවක මෙම විරෝධතා ඇති වී තිබේ. දින කිහිපයක් තිස්සේ ඉරානයේ තුළ මෙලෙස විරෝධතා පැවැත්වෙයි. කලකෝලහාල කරන්නන්ට හා නීති කඩන්නන්ට ඉරාන ජනතාවගෙන් දඬුවම් හිමිවනු ඇතැයි ද ඉරාන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. 
 
වසර 2009 පසු මේ ආකාරයේ ආණ්ඩු විරෝධී ප්‍රබල විරෝධතාවක් පැවැත්වෙන් පළමු වරටයි. මෙම විරෝධතා ආණ්ඩුවේ ලිට්මස් පරීක්ෂාවක් යැයි ද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. දින කිහිපයක් මුළුල්ලේ පැවැත්වෙන විරෝධතා සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේදීම ඉරාන ජනාධිපතිවරයා නිහඬ පිළිවෙතක් අනුගමනය කළේය. 
 
දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේද ද ඉරාන අගනුවර ද ඇතුළුව නගර කිහිපයක විරෝධතා පැවැත්විණි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා කඳුළු ගෑස් සහ ජල විදින යොදාගත් බව ද ඉරාන මාධ්‍ය වාර්තා කළේය. විරෝධතා හේතුවෙන් අන්තර්ජාල හා දුරකතන සබඳතා පහසුකම් සැපයීම සීමා කර ඇතැයි ඉරාන ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
නිහඬතාව අවසන් කරමින් ඉරාන ජනාධිපති හසන් රොව්හානි විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවැසීය.
“ජනතාවට තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට නිදහස තියෙනවා. ඕනෑම කෙනෙක්ට විවේචන කරන්න පුළුවන්. හැබැයි ප්‍රචණ්ඩත්වය විරෝධතා හා විවේචනවලට වඩා වෙනස්. මහජන දේපළ විනාශ කිරීම විරෝධතා හා විවේචනවලට වඩා වෙනස්” යැයි කීය. 
 
මේ අතර ඇමෙරිකා ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉරානයේ පැවැත්වෙන විරෝධතා අනුමත කර තිබේ. “ජනතාවගේ මේ විශාල විරෝධතාවලින් ඔවුන්ගේ දැනුවත්කම හා අවබෝධය පෙනෙනවා. ඔවුන්ගේ මුදල් සහ වත්කම් ත්‍රස්තවාදය පෝෂණය කිරීම සඳහා සොරකම් කරනු ලැබුවා. ඉරාන ජනතාව අද ඊට විරෝධය ප්‍රකාශ කර තිබෙනවා” යැයි ට්විටර් සමාජ ජාලය ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.    
   
 055



අදහස් (0)

ඉරාන විරෝධතාවලින් 10ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site