IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉරානය ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක් යවයි

ඉරානය ප්‍රථම වරට ආරක්ෂක කටයුතු සඳහා යොදාගැනිමට චන්ද්‍රිකාවක් දියත් කර ඇතැයි වාර්තා වේ.

නූර් ලෙස කම් කර ඇති මෙම චන්ද්‍රිකාව එරට ඉස්ලාමීය විප්ලව ආරක්ෂක බලකාය විසින් අභ්‍යවකාශ ගතකර ඇත.

ඉරානයේ මධ්‍යම කාන්තාර ප්‍රදේශයේදී ගුවන්ගත කළ චන්ද්‍රිකාව කිලෝමීටර් 425ක් දුරකින් කක්ෂගත කිරීමට සැලසුම් කර තිබිණි. 

කෙසේවුවද දියත් කිරීමේ සාර්ථකත්වය සම්බන්දව ඉරානය මෙතෙක් කිසිවක් පවසා නොමැත.

මේ සම්බන්දව අදහස් දක්වමින් ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කියා සිටියේ ඉරානය එක්සත් ජාතීන්ගේ යෝජනාවක් උල්ලංඝනය කර ඇති හෙයින් එයට  වගකීමට ද සිදුවනු ඇති බවයි.

ඉරානය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර සිය අභ්‍යවකාශ වැඩසටහන මුළුමනින්ම සාමකාමී බවත් න්‍යෂ්ටික අවි නිපදවීමේ කිසිදු අදහසක් නොමැති බවත් අවධාරණය කර තිබේ.

චන්ද්‍රිකා දියත් කිරීම සඳහා භාවිතා කරන ලද තාක්ෂණය ඉරානයට අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිල නිපදවීම සඳහා උපකාරී වනු ඇතැයි ට්‍රම්ප් පරිපාලය අනතුරු අඟවයි.

"අපගේ නැව් වලට හිරිහැර කරන ඉරාන යුධ යාත්‍රා වහාම වෙඩි තබා විනාශ කරන්න කියා මා නාවුක හමුදාවට උපදෙස් දුන්නා." යැයි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ටවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසා තිබේ.

මෙය විවේචනය කරමින් ඉරාන හමුදා ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත්තේ "අනුන්ට හිරිහැර කරනවා වෙනුවට ඇමරිකාව මේ අවස්ථාවේ අවධානය යොමු කළ යුත්තේ කොරෝනා ආසාදනය වී ඇති ඔවුන්ගේ හමුදා කණ්ඩායම් බේරා ගැනීම සඳහායි." යනුවෙනි.


(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඉරානය ප්‍රථම වරට යුද චන්ද්‍රිකාවක් යවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site