IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉරානය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන ලකුණු

ලන්ඩන්හිදීය (ඒ.එෆ්.පී)
 
දිගින් දිගටම ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිලාභ නොලැබුණහොත් මීට වසර තුනකට පෙර අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වන බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා අද (22) පැවසීය. 

 
ආර්ථික ප්‍රතිලාභ නොලැබුණහොත් සහ ප්‍රධාන බැංකු දිගින් දිගටම ඉරාන ජනරජය මගහැරියොත් 2015 වසරේදී අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් බව ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය අබ්බාස් අරාකි මාධ්‍යවේදීන් හමුවේ කීය. 
 
එක්සත් ජනපදයේ මූලිකත්වයෙන් බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව යන ඉරානය සමඟ 2015 වසරේදී ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට’ එකඟත්වය පළ කළේය. එම ගිවිසුමට ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන බල ශක්ති උත්පාදනයට සීමා කළ යුතු අතර එම එකඟතාව අනුව ඉරානය වෙත පනවා තිබෙන ආර්ථික සම්බාධක ඉවත් කිරීමට ගිවිසුමට අත්සන් තැබූ ලෝක බලවතුන් එකඟ විය. 
 
කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට පැනවූ සම්බාධක සියල්ල ඉවත් කර නොමැති අතර ඇමෙරිකා ජනාධිපතිවරයා ‘ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන්’ ඉවත් වෙන බවට අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ලොව ප්‍රමුඛ පෙළේ බැංකු ඉරානය සමඟ ගනුදෙනු කිරීම සීමා කර තිබේ. 
 
එම නිසා විදේශ වෙළෙඳාම නැවත ගොඩනැගීමට සහ ආයෝජන ආකර්ෂණය කරගැනීමට කරන ක්‍රියාමාර්ගවලට අහිතකර ලෙස බලපෑම් එල්ල වී තිබේ.  



අදහස් (0)

ඉරානය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site