IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරයි

ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර ආසන්න ස්ථාන දෙකක කාර් බෝම්බ දෙකක් පිපිරීමෙන් 12 දෙනකු මියගොස් 38 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන් එක් බෝම්බයක් කරාදා නැමැති ජනාකීර්ණ ස්ථානයක පුපුරා ගොස් ඇති අතර එම පිපිරීමෙන් මියගිය සංඛ්‍යාව 11 දෙනෙක් බවත් මාධ්‍ය වාර්තාවල දැක්වේ. එම බෝම්බයෙන් තුවාල ලැබූ පිරිස 33 දෙනෙකි.

අනෙක් බෝම්බය පුපුරාගොස් ඇත්තේ ගිණිකොන දිග බැග්ඩෑඩයේ ෂාබ් හි වෙළඳ පොළක දී ය. එම බෝම්බයෙන් එක් අයකු මියගොස් පස් දෙනෙක් තුවාල ලැබ සිටිති. බෝම්බ ප්‍රහාරයේ වගකීම තම සංවිධානය බාර ගන්නා බව අයිඑස් සංවිධානය විසින් නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වේ. 



අදහස් (0)

ඉරාකයේ කාර් බෝම්බ දෙකක් පුපුරයි

රජින්ද Sunday, 03 July 2016 11:16 AM

කෘෘර ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් මැදපෙරදිග රටවල් ලෝකෙට කරපු හරිය තමයි ඔය. ඒ රටවල පාලන තන්ත්‍රය බිද වට්ටලා රටවල් අස්ථාවර කිරීමේ ප්‍රථිපලයි දැන් ඒ රටවලට ලැබෙමින් තියෙන්නේ. මේවා අපිටත් හොද පාඩම්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2278 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site