IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


ඉම්රාන්ගෙන් නව ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක්

අසල්වැසි ඉන්දියාව සමඟ හොඳ හිත වර්ධනය කර ගනිමින්, කලාපීය සාමය සහ ආර්ථිකය කේන්ද්‍රකොටගත් පුළුල් ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක් හඳුන්වා දීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පෙන්වා දෙන අන්දමට පාකිස්තාන දේශපාලන කණ්ඩායම් සහ විද්වතුන් එක් වී කිසිදු භේදයකින් තොරව මෙම නව ආරක්ෂක ප්‍රතිපත්තිය සකස් කර ඇත්තේ පසුගිය වසර 7 ක කාලය තිස්සේය.

විවිධ අංශවල ප්‍රතිපත්ති එකිනෙක සම්බන්ධ කරමින් මෙම නව ප්‍රතිපත්තිය සකස් කර ඇති බව ද පැවැසෙයි. නව ජාතික ප්‍රතිපත්තියේ ප්‍රමුඛත්වය හිමිවන්නේ, ආර්ථියක සහ ආරක්ෂාව කෙරෙහි යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පැහැදිලි කර ඇත.

"මෙම නව ප්‍රතිපත්තිය ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීම අපේ රටේ ආර්ථික සුරක්ෂිතතාවයට ඉමහත් දායකත්වයක් සපයනු ඇතැයි මා විශ්වාස කරනවා" යැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මොස් පැහැදිලි කළේ පසුගිය සිකුරාදා (14) නව ජාතික ප්‍රතිපත්තිය හඳුන්වා දෙමින් ඉස්ලමාබාද් අගනුවර පැවැති උත්සවයේදීය.

නව ආරක්ෂක ප්‍රතිපත්තිය හරහා අසල්වාසීන් (විශේෂයෙන් ඉන්දියාව) සමඟ සාමය ස්ථාපිත කර ගනිමින්, පාකිස්තානය භූ ආර්ථිකමය වශයෙන් වැදගත් වෙ‍ෙළඳ හා ආයෝජන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම තම අරමුණ බව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් පැහැදිලි කළේය.

ඉන්දියාව මෙන්ම පාකිස්තානය ද න්‍යෂ්ටික බලවතුන්ය. 1947 වසරේ සිට මේ දක්වා ඉන්දියාවත් පාකිස්තානයත් අතර අවස්ථා කීපයකදී යුද ගැටුම් හටගත්තේය. අවසන් වරට දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වූයේ 2019 දීය.

එයින් පසු පාකිස්තානයත් ඉන්දියාවත් අතර එදිරිවාදිකම් තවත් වැඩි විය. ඉන්දියාව තරයේ විශ්වාස කරන්නේ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් විශ්වාසය තැබිය හැකි පුද්ගලයකු නොවන බවටය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඉම්රාන්ගෙන් නව ජාතික ආරක්ෂක ප්‍රතිපත්තියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 265 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 291 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 464 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site