IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉන්දියාවේ විරෝධතා

බුවනේස්වර්හිදීය/ගුවහතිහිදීය (රොයිටර්)

ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට යෑමට විරෝධය පළ කරමින් ඉන්දියාවේ ස්ථාන රැසක අද (10) විරෝධතා පැවැත්විණි. 

විරෝධතා හේතුවෙන් ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවල පාසල්, ව්‍යාපාර සහ රාජයේ ආයතන වසා දැමීමට සිදු වූ බව ද වාර්තා විය. ඇතැම් ස්ථානවලදී දුම්රිය සහ මහාමාර්ග වසා දමමින් විරෝධතාකරුවෝ ගමනාගමනය අවහිර කළහ. 

ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමට නියමිතව තිබෙන නිසා අද (10) පැවැති බොහෝ විරෝධතාවලට දේශපාලන පක්ෂවල සහාය හිමි වූ අතර ඇතැම් දේශපාලන විරෝධතා සංවිධානය කිරීමේ කටයුතුවලද නිරත විය. ඉන්දීය මහ මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තවත් මාස නවයක් පමණි. මේ වසරේ අගදී ප්‍රාන්ත කිහිපයක මැතිවරණ පැවැත්වීමට නියමිතය. 

අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් හින්දු ජාතිකවාදී ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා පුළුල් ඒකාබද්ධ විපක්ෂයක් ගොඩනගන බව කොංග්‍රස් පක්ෂය ප්‍රකාශ කර ඇත. 

අද පැවැති විරෝධතාවලදීද ප්‍රමුඛතාව ගත්තේ කොංග්‍රස් පක්ෂයයි. කොංග්‍රස් පක්ෂ ආධාරකරුවෝ ඔඩිෂා ප්‍රාන්තයේ දී විරෝධතා දක්වමින් දුම්රිය ගමනාගමනය සහ මහාමාර්ග අවහිර කළහ. ඒ අතරවාරයේදී අනෙකුත් විපක්ෂ දේශපාලන පක්ෂ ඉන්ධන අලෙවිකරණ සමාගම්වල කාර්යාල ඉදිරියේ විරෝධතා පැවැත්වූහ. 

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රතිපත්ති හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යන බවත් රුපියලේ අගය අඩුවෙමින් තිබෙන බවත් විරෝධතා අතරවාරයේදී කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි චෝදනා කළේය. 

“නිදහසින් පසු ගෙවී ගිය වසර 70ක කාලයේදී ඉන්දීය රුපියල මෙතරම් දුර්වල වෙලා නැහැ. ගොවියන්ට කම්කරුවන්ට කිසිවක් නැහැ. මහා පරිමාණ කර්මාන්තකරුවන් 15ක් 20ක් පමණක් ලාභ ලබනවා” රාහුල් ගාන්ධි කීවේය. 

කොංග්‍රසය ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම් ඉන්ධන මිල ඉහළ යෑම සහ රුපියල පහත වැටීම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය කර ඇතැයි භාරතීය ජනතා පක්ෂය චෝදනා කරයි.

055



අදහස් (1)

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉන්දියාවේ විරෝධතා

OMG Monday, 10 September 2018 03:51 PM

ලොක්කා ඉන්දියාවට ගිහින් දුන්නද දන්නේ නැහැ. පොඩි ගිනිගෙඩියක්. 5 වෙනිදා කරපු විරෝධතාව මතක් කරලා.

:       7       145

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 762 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site