ආණ්ඩු පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වන විරෝධය හමුවේ ඉන්දියා මහා බැංකු අධිපති රගුරාම් රාජන් තම ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහුගේ පළමු ධුර කාලය අවසන් වූ විට දෙවන ධුර කාලය සදහා අත්සන් නොකර සිටීමට ඔහු තීරණය කර ඇතැයි සඳහන්ය.
රාජ්‍ය බැංකු ණය වලින් නිදහස් කොට ඉන්දියාවේ උද්දමනය පහත හෙලුවේයැයි ඔහු ඉතාමත් ප්‍රසිද්ධියට පත් වී සිටියේය.
ආණ්ඩු පක්ෂයේ ඇතැම් කණ්ඩායම් සමග ඇති වූ ආරවුලක් දුර දිග යාමත් සමග මෙම තත්වය ඇති විය. ඔහුගේ මුල් ධුර කාලයේ වසර තුන සැප්තැම්බර් මස නිම වනු ඇත. 2008 මූල්‍ය අර්බුදය පිළිබද අනාවැකි පල කළ ඔහු ඉන්දියාවේ ආර්ථිකය ඉහල නැංවීමට ක්‍රි කළ අය අතර මුල්පෙළ ස්ථානයක සිටින ඔහු මුල්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ චරිතයකි.
ඉන්දියාවේ ආර්ථිකය මේ වන විට ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත් වී තිබේ. කෙසේ වෙතත් ඉන්දියාවේ පොලි අනුපාතය ඉහළ මට්ටමක තබාගැනීම හේතුවෙන් ඔහුට චෝදනා එල්ල වේ. එමෙන්ම ඔහු කෙමෙන් කෙමෙන් දේශපාලනයට ප්‍රවිෂ්ට වන බවට ඇතැම්හු චෝදනා කරති.
ඔහුගේ ඉවත් වීම ප්‍රකාශයට පත් කළ පසු ලොව පුරා ආර්ථික විශ්ලේෂකයන් මෙන්ම ඉන්දියාවේ ප්‍රසිද්ධ චරිත ද කැළඹීමකට පත් ව තිබෙන බවට සදහන් වේ. එමෙන්ම එරට වසර විසි හතරකට පසු මහ බැංකු අධිපතිවරයකු තම ප්‍රථම නිල කාලයෙන් විශ්‍රාම යන ප්‍රථම අවස්ථාව මෙය වන බවට මාධ්‍ය වාර්තා කරයි.
ලංකාවේ මහ බැංකු අධිපති ගැන ද මේ වන විට කතිකාවක් ගොඩ නැගී තිබේ. බැඳුම්කර නිකුත් කිරීමේදී අක්‍රමිකතාවක් සිදු වූ බව කියමින් ඔහුගේ සේවා කාලය දීර්ග නොකරන ලෙස සිවිල් සංවිධාන නියෝජිතයෝ රජයට බල කරති. ඉන්දියාවේ සිදුවීම ලංකාවට හොඳ ආදර්ශයන් වනු ඇතැයි විචාරකයෝ පවසති.
2025 නොවැම්බර් මස 04
588
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1708
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියා මහ බැංකු ලොක්කා අස්වෙයි
ටිකිරි Wednesday, 22 June 2016 01:15 AM
ඒ රටේ එහෙම වුණාට අපේ රටේ එහෙම වෙන්නෙ නැහැ (නි)
සජිත් Saturday, 25 June 2016 04:01 PM
බලන්නකෝ අපේ අය නම් ඇහුනේ නැහැ වගේ ඉන්න උජාරුව විතරක්. (නි)
දහම් ධර්මරත්න Wednesday, 22 June 2016 03:02 PM
ඉන්දියාවේ......ඉන්දියාවේ...(බ)
ඉමේෂ් Wednesday, 22 June 2016 05:38 AM
යාළුවව ගෙදර යවන්න බැහැ නේ. එනිසා අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. (බ)
පිටිගල මිලානෝ Wednesday, 22 June 2016 07:14 PM
එඩිතර මිනිසුන් ඉන්නා අපේ රටේ පුරවැසියෙක් අපේ රටේ නම තියන්න කියලා ඉල්ලා අස්වෙයිද? අපේ රටට ආදරේ අය ලංකාවේ නැහැ. (නි)
හසිත Wednesday, 22 June 2016 06:32 AM
ටිකිරි ඒක සුනිල් පෙරේරා මහත්තයාගේ විදියට කිව්වොත් ඉන්දියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ...... අපෙ මහා බැංකුවේ වංචාවල් සිද්ධ වුණේ නෑ ... ඒ හින්ද අපෙ කට්ටිය කවදාවත් අයින් වෙන්නෙ නෑ.. නෑ නෑ නෑ මේ වගේ රටක් ඇත්තේ නෑ . නෑ නෑ නෑ මේ වගේ රටක් ඇත්තේ නෑ (බ)
විපුල Thursday, 23 June 2016 03:43 AM
ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ . අපේ කවුරුත් ඉල්ලන් අස්වෙන්නේ නැහැ.......(ම)