ඉන්දියාවේ නිශ්පාදිත මාලා නාටක සහ චිත‍්‍රපට ආදී සියලූ විනෝදාස්වාද වැඩසටහන් ප‍්‍රදර්ශනය කිරීම හා විකාශනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට පකිස්තානය කටයුතු කර තිබේ.
මෙම තහනමට හේතුවී තිබෙන්නේ දෙරට අතර උත්සන්න වෙමින් පැවතෙන විරසකයයි.පකිස්තානය සහ ඉන්දියාවේ දේශසීමා විහිද තිබෙන කාෂ්මිීරයේ, ඉන්දියාවට අයත් පෙදෙසේ ඇතිවූ විරෝධතා ව්‍යාපාර කිහිපයක් දැඩිව මර්දනය කිරීමට ඉන්දියාව පියවර ගැනීමත්, පසුව කැරලිකරුවන් පිරිසක් කාෂ්මිීරයේ ඉන්දියා හමුදාවට අයත් කඳවුරකට පහරදී එහි සිටි හමුදා භටයින් 18 දෙනෙකු ඝාතනය කිරීමත් හා දෙරට අතර විරසකය එළිපිටම ඇවිලෙන්නට ගත්තේය.
මේ දිනවල එකට එක කිරීමේ න්‍යායකින් දෙරට කටයුතු කරනු දැකගත හැකිය.ඒ අතර පකිස්තාන සහ ඉන්දියා නායකයෝ එකිනෙකාට චෝදනා එල්ල කරගනිමින්ද සිටින්නෝය.
ඉන්දියා වැඩසටහන් තහනම් කිරීමට පියවර ගැනීමත් සමග පකිස්තාන සාමාන්‍ය ජනතාවගේ දැඩි විරෝධය ඒ කෙරෙහි එල්ලවී තිබේ.
පකිස්තානයට පාඩමක් ලෙස එරට නලූ නිිලියන්ට බොලිවුඩය තහනම් කලාපයක් බවට පත්කළ යුතුයැයි ඉන්දියාවෙන් යෝජනා මතුවූ විට, පකිස්තාන සිනමා ක්ෂේත‍්‍රය ඊට පිළිතුර දුන්නේ ඉන්දියා සිනමාපට පකිස්තානයේ ප‍්‍රදර්ශනය කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවමිනි.
කාෂ්මිීරයේ අයිතිවාසිකම් මුල් කරගෙන දෙරට ගැටුම් වල පැටලෙමින් සිටින්නේ දශක ගණනාවක සිටය.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2321
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියා මාලා නාටක පකිස්තානයේ තහනම්
රංග Saturday, 22 October 2016 12:35 PM
අනේ මෙහෙත් තහනම් කරන්න. මෙවන් සමාජයට කරන වින අපමණයි. (අ)
ධම්ම Friday, 21 October 2016 04:34 PM
ඉන්දියන් චිත්‍රපටය ඉන්දියාවේදී පිටවෙන්න කලින් පාකිස්තානයේ පදික වේදිකාවේ මිලදී ගන්න පුළුවන්. පොත්පත් වුණත් එහෙමයි. (නි)
සෑම් Friday, 21 October 2016 08:09 PM
ඇයි අපේ රටෙත් සියලුම ඉන්දියානු දේවල් තහනම් කරපු කාලයක් තිබුනේ (නි)
රොකී Monday, 24 October 2016 03:24 AM
අපේ රටෙත් ඒවා තහනම් කළයුතුයි. ගුණාත්මකභාවයක් කොහෙත්ම නැති මේ කුණුගොඩවල් පෙන්වීමෙන් රසිකයන්ට නිගා කරන චැනල් මුදලාලිලාට දැඩි දඬුවම් දිය යුතුයි (නි)