IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවේ විරෝධතා වලින් 7 ක් මරුට

ඉන්දියාවේ දාලිත් කුලයට අයත් පිරිස් විසින් පවත්වනු ලැබූ විරෝධතාවයක දී ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් හත්දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
පහත් කුලවල ජනකොටස් ආරක්ෂා කිරීම සඳහා සැකසුණු නීතියක් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හේතුවෙන් යටපත් වන බව පවසමින් ඔවුහු මෙසේ විරෝධතාවයේ යෙදෙති.
 
ප්‍රාන්ත කිහිපයක දස දහස් ගණනන් ජනයා වීදී බැස විරෝධතාවයේ යෙදීම හේතුවෙන් දුම්රිය සේවා ඇතුළු ප්‍රවාහන සේවා බොහෝමයක් අඩපණව ඇති බවද පැවසේ.
 
වාහන කිහිපයකට ගිනිතබා ඇති බවද පොලිසිය පවසයි. සමහර ප්‍රදේශවල ඇඳිරිනීතිය පැනවීමට සිදුවී ඇති අතර විභාග කල්දමා ඇත.
 
ඉන්දියානු කුල ධූරාවලියේ පහත්ම කුලයක් ලෙස සැළකෙන දාලිත් කුලයේ මිලියන 200ක් පමණ ජනතාවක් ජීවත් වන අතර 2016 වර්ෂයේ පමණක් 40,000ක පමණ ප්‍රචණ්ඩ ක්‍රියා කුලය පදනම් කරගෙන සිදුවි ඇතැයි වාර්තා වී ඇත.
 
(බීබිසී පුවත් ඇසුරිණි - 085)



අදහස් (3)

ඉන්දියාවේ විරෝධතා වලින් 7 ක් මරුට

ධනුෂ්ක Tuesday, 03 April 2018 02:18 PM

ලෝකේ අනික් රටවල ජන අනුපාත වලට සාපේක්ෂව ඉන්දියාව යනු ලෝකේ වැඩිම අාගම් සංඛ්‍යාවක් තියන හා වැඩිම දෙවියන් අදහන රට වේ. ඊට අමතරව. වැඩිම දිළින්ඳන් සිටින. අඩුම අධ්‍යාපන මට්ටමක් තිබෙන. අඩුම වැසිකිලි සංඛ්‍යාවක් තිබෙන. වැඩිම ගණිකාවන් සිටින.වැඩිම කාන්තා දූෂණ හා අපචාර සිදු වන ලෝකේ අංක එකේ රට වේ. මහ බබා මොනවට එ් විදියට මැව්වද මන්දා.

:       19       17

rasika Tuesday, 03 April 2018 07:45 PM

දැන් මේවා මානව හිමිකම් කඩකිරීම් නෙමෙයිද? උපන්න කුලය අනුව පාසල් යන්න බැහැ. අධ්‍යාපනය සීමා කරනවා, රැකියා අවස්ථා නැතිකරනවා. දැන් මේවා මානව හිමිකම් කවුන්සලේ කතා කරන්නේ නැද්ද? අර ලංකාවේ කොච්චර සාධාරණ සමාජයක්ද තියෙන්නේ. බෞද්ද පරිසරය තුල සැමට රැකවරණය ලැබෙනවා. ලංකාවේ හොද දේවල් කතා කරන්න ඕනේ. දකුණු ආසියාවේ තියෙන හොදම රට ලංකාව

:       6       155

LalithWednesday, 04 April 2018 12:16 PM

රසික, ඔයාගේ කතාව ඇත්ත. නමුත් දේසපලුවෝ රට කාලා තියෙන්නේ.

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 742 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site