ඉන්දියාවේ බටහිර බෙන්ගාලයේ මාර්ගයක ගමන්ගත් පාසැල් සිසුන් පිරිසක් රැගත් බස් රථයක් ගංඟාවකට පෙරළීමෙන් 36දෙනකු පමණ මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
අනතුරට පත්වන අවස්ථාවේ රථයේ 55දෙනකු පමණ ගමන් කර ඇති බව බලධාරීහු පවසති.
කඳුකර මාර්ගයක ගමන් කරමින් තිබූ බසය පාලමකින් පහලට පෙරළී ඇති අතර අඩි 30ක් පමණ පහතින් පිහිටි බයිරව් ගංඟාවට වැටී ඇත.
මියගිය අයගෙන් බොහෝ දෙනෙක් අවුරුදු 10ට අඩු දරුවන් බවත් රථයේ රියදුරු සහ ගුරුවරු දෙදෙනෙක් ද මියගිය අය අතර සිටින බවත් පැවසේ.
සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බව ප්‍රාන්ත පොලිසිය පවසයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ බස් රථයක් ගංගාවකට පෙරළී 36ක් මරුට