ඉන්දීය රුපියල් 500 සහ 1000 නෝට්ටු භාවිතය තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අඟහරුවාදා (8) නිවේදනය කළේය.
ඒ අනුව අඟහරුවාදා මධ්‍යම රාත්‍රියේ සිට එරට භාවිත මුදල් වලින් එම නෝට්ටු දෙක ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
බදාදා සියලු බැංකු වසා දමා ඇති අතර ඒටීඑම් (ස්වයංක්‍රීය මුදල් ලබාගැනීමේ) යන්ත්‍ර ක්‍රියාවිරහිත කර ඇති බව කියති.
ඒ අනුව එම මුදල් නෝට්ටු ද්විත්වය ඉදිරි දින 50 ඇතුළත බැංකුවලට හා තැපැල් කාර්යාලවලට බාරදිය යුතු බව ඉන්දීය රජය නිවේදනය කර ඇත.
ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් මෝදි මේ බව දැනුම් දී ඇති අතර ඉන්දියාවේ ව්‍යාප්ත කළු සල්ලි ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවත් කියති.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේ නෝට්ටු දෙකක් ඉවතට
නුවන් Wednesday, 09 November 2016 11:32 AM
මෙන්න ආදර්ශයට ගතයුතු වැඩපිළිවලක් , අපේ රටෙත් මෙවැන්නක් සිදුකර කළු සල්ලි ජාවාරමට වැට බදින්න ඕන (ම)
එරංග Wednesday, 09 November 2016 06:37 AM
ගොඩක් හොද වැඩ පිළිවෙලක්, (බ)
අරවින්ද Wednesday, 09 November 2016 11:00 PM
මම දන්නා හැටියට 70 දශකයේ එවකට මුදල් ඇමතිව සිටි අයත් මෙවැනි දෙයක් ලංකාවේ සිදුකළා. (නි)
සෑම් Wednesday, 09 November 2016 08:02 AM
හැත්තෑ ගණන් වල ඔය දේ ලංකාවේ කළානේ. නමුත් ලැබුන ප්‍රතිඵලයක් නම් නැහැ (නි)