ඉන්දියාවේ බෝපාල් බන්ධනාගාරයෙන් පැන ගිය අට දෙනා වෙඩි තබා ඝාතනය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය ආරක්ෂක අංශ විසින් එම අන්තවාදී සංවිධානයක සාමාජිකයන් අට දෙනාට වෙඩි තබා ඇතැයි කියති.
ඉන්දියාවේ තහනම් කළ ඉස්ලාමීය සිසු සංවිධානයක සාමාජිකයන් අට දෙනකු බෝපාල්හි දැඩි ආරක්ෂිත බන්ධනාගාරයක ආරක්ෂක නිලධරයකු මරා ඉන් පැන ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි.
එසේ පැන ගිය අයගෙන් තිදෙනකු මීට වසර තුනකට පෙර කන්ද්වාහි සිරගෙයක් බිඳීම සම්බන්ධයෙන් හඳුනාගත් අයවෙති.
අලුයම දෙකට පමණ බෝපාල් හි සිර මැදිරියෙන් පැන ගොස් ඇති මොවුන් ආරක්ෂක නිලධාරියකු බැඳ දමා ඇති අතර තවත් අයකුගේ උගුරු දණ්ඩ යකඩ තහඩුවකින් හා වීදුරුවකින් කපා මරා දමා ඇතැයි වාර්තාවේ.
ඇඳ ඇතිරිලි මගින් කඹයක් සාදා බන්ධනාගාර තාප්පයෙන් පැන ඇති ඔවුන් ඒ සඳහා දීපවාලී සැනකෙලිය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වෙන අවස්ථාවක් තෝරාගෙන ඇතැයි කියති. ඒ රතිඤ්ඤා හඬ නිසා ඔවුන් පැන යන ශබ්දය ඇසීම වළක්වාගැනීමටයි.
මෙම සිද්ධිය නිසා බන්ධනාගාර නියාමකවරයකුගේ හා තවත් ආරක්ෂක නිලධාරීන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි කියති.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවේදී හිරෙන් පැන්න අටකට වෙඩි
බමුණුසේන Tuesday, 01 November 2016 11:08 AM
දැන් ඉතින් මැරිච්ච අයගේ පවුල් වලට ලක්ෂ ගණන් වන්දි දෙමුකෝ. (නි)
බමුණු ආරච්චි Tuesday, 01 November 2016 11:11 AM
මීටපසු දීපවාලී සැනකෙලිය වෙනුවෙන් රතිඤ්ඤා දැල්වීම තහනම් කරමුද? (නි)