ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)
ඉන්දියාවට සහ පාකිස්තානයට ඉදිරියට යා හැක්කේ සංවාදයෙන් පමණක් යැයි පාකිස්තානයේ නව විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂි පවසයි.
පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්වීමත් සමඟ ඉන්දියාව සහ පාකිස්තානය අරත සබඳතා වර්ධනය වීමේ නව බලාපොරොත්තුවක් ඇති වී තිබේ.
පසුගිය ජූලි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ජය ලැබූ ඉම්රාන් ඛාන් පසුගිය සති අන්තයේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර දීර්ඝ කාලයක් මුළුල්ලේ පවතින කාශ්මීර අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු යැයි ඔහු යෝජනා කර තිබේ. ජූලි මස අගදී ඉම්රාන් ඛාන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ද දුන්නේය.
ඉම්රාන් ඛාන්ගේ පළමු කැබිනට් හමුවට පෙර අදහස් දක්වමින් පාකිස්තානයේ නව විදේශ අමාත්‍ය ෂාහ් මෙහ්මූද් කුරේෂි ඒ බව පැවැසීය.
“අපි කිසිදු බාධාවකින් තොරව සාකච්ඡා පැවැත්විය යුතුයි. ඉදිරියට යන්න තිබෙන එකම විදිය එයයි” යැයි පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවරදී මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය.
ඉන්දියාව සහ පාකිස්තානය පසුගිය වසර කිහිපයකදී සාකච්ඡා පැවැත්වුවත් ප්‍රගතියක් නොපෙන්වූ තරම්ය. න්‍යෂ්ටික අවිවලින් ශක්තිමත් මෙම අසල්වාසීන් 1947 වසරේ සිට මේ දක්වා කාලයේදී අවස්ථා තුනකදී එකිනෙකාට විරුද්ධව සටන් වැදුණාහ.
ඉම්රාන් ඛාන්ට සුබ පැතුම් එක් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලිපියක් එවූ බවත් රටවල් දෙකම සාකච්ඡාවලට විවෘත බවත් සඳහන් කළ බවත් කුරේෂි පැවැසීය.
එහෙත් විදේශ කටයුතු අමාත්‍යාංශය කුරේෂිගේ ප්‍රකාශයෙන් පසුව ඊට වෙනස් සඳහනක් කළේය. කුරේෂි සඳහන් කළේ පලදායී අයුරින් සාකච්ඡා පැවැත්විය යුතු බව මිසෙක මෝදි සාකච්ඡා සඳහා ආරාධනා කළ බවක් නොවේ යැයි අමාත්‍යාංශය සඳහන් කළේය.
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉන්දියාවට - පාකිස්තානයට ඉදිරියට යා හැක්කේ සංවාදයෙන් පමණයි