IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරකින් 180ක් අතුරුදන්

ජකර්තාහිදීය (ඒ.එෆ්.පී)

ඉන්දුනීසියාවේ ජලාශයක සිදු වූ බෝට්ටු අනතුරකින් 180කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි එරට පොලීසිය අද (20) නිවේදනය කළේය. 

සුමාත්‍රාවේ ටෝබා ජලාශයේදී බෝට්ටුවක් පෙරළී යාමෙන් එම අනතුරු සිදු වී තිබේ. අනතුරුට පත්වන අවස්ථාවේදී බෝට්ටුවේ කොතරම් පිරිසක් සිටියාද යන්න සම්බන්ධයෙන් නිශ්චිතව ප්‍රකාශ කිරීම හැකියාවක් නැතැයි ඉන්දුනීසියානු බලධාරීන් පවසා තිබිණි.  


ලීයෙන් ඉදි කර තිබූ බව කියන එම විශාල ප්‍රමාණයේ බෝට්ටුව පෙරළී ගියේ සඳුඳා (18) ය.

 

 අතුරුන් වී ඇතැයි පොලිසිය අද (20) සඳහන් කළ පිරිස මුලින් ප්‍රකාශයට පත් කළ පිරිසට වඩා තුන් ගුණයකින් වැඩිය. 

ඉන්දුනීසියානු ආයතනයක් කිහිපයක් අතුරුදන් වූ පිරිස සම්බන්ධයෙන් පරස්පර තොරතුරු ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන් මේ වනවිට අර්බුදකාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබේ. 
 
අනතුරට පත්වූ බෝට්ටුව නීතිවිරෝධී අයුරින් මගීන් ප්‍රවාහනය කරන ලද්දක් බව ද පැවසේ. 

කෙසේ වෙතත් අතුරුදන් වූවන් සොයමින් සෙවුම් සහ මුදා ගැනීම් මෙහෙයුම් ආරම්භ කිරීමට එරට ආපදා ආයතනය පියවර ගෙන තිබිණි. බෝට්ටුව අනතුරට පත්වන අවස්ථාවේදී එහි 80කට ආසන්න පිරිසක් සිටි බවත් යතුරුපැදි රැසක් එහි වූ බවත් ආපදා ආයතනය සඳහන් කර තිබිණි. 

එහෙත් පොලිසිය බෝට්ටුව අනතුරුට පත්වන අවස්ථාවේදී එහි 178 සිට ඇති බව සඳහන් කරමින් පොලිසිය අද (20) නිවේදනයක් නිකුත් කළේය. 


(055)



අදහස් (1)

ඉන්දුනීසියාවේ බෝට්ටු අනතුරකින් 180ක් අතුරුදන්

b a k a aberuwan Sunday, 24 June 2018 04:16 PM

මිනිසා දුරදිග නොබලා වැඩ කිරිමෙන් මෙවන් අනතුරු වලටහේතු වෙයි

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site