ඉතාලියේ භූ කම්පන දෙකක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රික්ටර් මාපකයේ 5.5 ක හා 6.1ක අගයන් සටහන් කළ භූ කම්පන හේතුවෙන් ගොඩනැගිලි රැසකට හානි සිදුව ඇතැයි ද කියති.
මසිරාටා ප්‍රාන්තයේ විසෝ ආසන්නයේ රික්ටර් මාපාංක 5.5ක භූකම්පනයක් සිදුව ඇති අතර ඉන් පැය දෙකකට පමණ පසු එම පෙදෙසේම රික්ටර් මාපාංක 6.1ක අගයකින් යුත් භූ කම්පනයක් සිදුව ඇතැයි වාර්තාවේ.
භූ කම්පන හේතුවෙන් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බවත් මියගිය කිසිවකු සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නැති බවත් ඉතාලි මාධ්‍ය වාර්තා පවසයි.
පුද්ගලයන් 298 දෙනකුට මරු කැඳවමින් දකුණු ඉතාලියේ සිදුවූ දරුණු භූ කම්පනයෙන් මාස දෙකකට පමණ පසු මෙම කම්පන ඇතිවී තිබීම විශේෂත්වයකි.
බදාදා භූකම්පනය මධ්‍යම ඉතාලියට බලපා ඇති අතර රෝම අගනුවර ගොඩනැගිලි සෙලවීම හා දොරවල් ජනෙල් එකට ගැටුණු බව කියති.
ඉතාලි සිවිල් ආරක්ෂ ප්‍රධානී ෆැබ්රිසියෝ කර්සියෝ පැවසූයේ පුද්ගලයන් දස දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වන බවත් ඉන් සිව් දෙනකුට පමණක් බරපතල තුවාල ඇති බවත්ය.
දෙවැනි භූ කම්පනය තරමක් දරණු එකක් වූ බව කියති. සිද්ධිය ඇසින් දුටුවකු ඉතාලි රූපවාහනියට ප්‍රකාශ කර ඇත්තේ ගොඩනැගිල්ලක කොටසක් තමා ඉදිරියට කඩා වැටුණු බවයි.
2025 නොවැම්බර් මස 04
650
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2325
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉතාලිය සෙලවෙයි
පිටිගල මිලානෝ Thursday, 27 October 2016 05:01 AM
ඉතාලියේ සිටින සමහර ලාංකිකයන්ගේ ක්‍රියා දැක දෙවියන් කෝප වීම නිසා මෙය සිදු වුන බව මාගේ හැගීමයි. (බ)
එරංග Thursday, 27 October 2016 05:16 AM
මිලානෝ මහත්තයෝ, එහෙනම් ඒ අතර ඔයත් එක්කෙනෙක්, (බ)