IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉකුත් වසරේ චීනයේ දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක්

බීජිංහිදීය (ඒ.එෆ්.පී)
 
ලොව වැඩිම ජනගහනයකට හිමිකම් කියන රට වන චීනය එරට එක්දරු උපත් ප්‍රතිපත්තිය ඉවත් කරමින් යුවලවලට දරුවන් දෙදෙනකු හැදීමට අවසර දුන්නද ඉකුත් වසරේදී එරට උපත් සංඛ්‍යාව අඩු වී ඇතැයි සංඛ්‍යාදත්ත සඳහන් කරයි. 
 
ඉකුත් 2017 වසරේදී චීනයේ අලුත උපන් දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 17.23ක් වී තිබෙන අතර එය 2-016 වසරේ මිලියන 17.86ක උපත් සංඛ්‍යාව හා සැසඳීමේදී අඩු වීමක් යැයි චීනයේ ජාතික සංඛ්‍යා දත්ත ආයතනයේ ප්‍රධානි නින්ග් ජිෂේ පැවසීය. 
 
චීනයේ වත්මන් ජනගහනය බිලියන 1.4කට ආසන්න වේ. චීනය ජනගහන වර්ධනය පාලනය කිරීම සඳහා දුන් ‘එක්දරු ප්‍රතිපත්තිය’ ඉවත් කරන ලද්දේ 2015 වසරේදීය. වයස් ගත ජනගහනය වැඩිවීම, ශ්‍රමබලකාය අඩුවීම යන කරුණු සලකා බලමින් එම ප්‍රතිපත්තිය ඉවත් කරන ලදි. 
 
දරුවන් සෑදිය හැකි වයසේ කාන්තාවන්ගේ ජනගහනය අඩුවීමත් ජනගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් විවාහවීම හා දරුවන් ලැබීම ප්‍රමාද කිරීම පසුගිය වසරේදී උපත් අඩුවීම හේතු වූ බව චීනයේ ජාතික සෞඛ්‍ය සහ පවුල් සැලසුම් කොමිසමේ නිලධාරියෙක් පැවසීය. 
 
‘සමාජ ආර්ථික කරුණු රැසක් ජනතාවගේ දරුවන් හදා වඩා ගැනීමේ කැමත්තට බලපා තිබෙනවා” යැයි හෙතෙම කීය. ආර්ථික පිරිවැය වැඩිවීම, දරුවන් බලාගන්නා ස්ථාන අවම වීම, දරුවන් සම්බන්ධ සේවා අඩුවීම, කාන්තාවන්ගේ රැකියා සංවර්ධනය සහ රැකියාවල නිරත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩිවීම යනාදි හේතු එම ප්‍රධාන සමාජ ආර්ථික කරුණු ලෙස පෙන්වාදිය හැකි යැයි ද නම සඳහන් එම නිලධාරියා කීවේය. 
 
055



අදහස් (1)

ඉකුත් වසරේ චීනයේ දරු උපත් සංඛ්‍යාවේ අඩුවීමක්

සපුමල් බණ්ඩාර. Saturday, 20 January 2018 09:46 AM

චීනයේ සමාජවාදී පාලනය කොයි තරම් බුද්ධිමත්ව ක්‍රියා කරනවාද යන්න තේරුම් ගැනීමට හොඳ උදාහරණයක්. ඒකට ඉන්ඳියාව, පකිස්ථානය, බංගලාදේශය වගේ රටවල්. මේ රටවල නූගත් ජනතාව මේ තරම් දුක් විඳින්නේ ජනගහණය පාලනය කර ගැනීමට නොහැකි නිසා. තව අවුරුදු සීයකි ගත උනත් මේ රටවල් වලට ගොඩ යෑමක් නෑ.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 733 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site