මුර සංචාරයේ යෙදී සිටි ආරක්ෂක අංශ මෝටර් රථ පෙළකට නැගෙනහිර ඇෆ්ගනිස්තානයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් විදෙස් සොල්දාදුවන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වූ බව ‘නේටෝ’ සංවිධානය අද (5) නිවේදනය කළේය.
ඇෆ්ගනිස්තාන හමුදා සමඟ මුර සංචාරවල යෙදී සිටි ‘නේටෝ’ හමුදා රථ පෙළකට මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබේ.
ප්‍රහාරයෙන් ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවකු සහ ඇෆ්ගනිස්තාන සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලැබූ බව නේටෝ සංවිධානය නිවේදනයන් නිකුත් කරමින් සඳහන් කළ ද මියගිය විදෙස් සොල්දාදුවන්ගේ රටවල් අනාවරණය නොකළේය.
නිවේදනයක් නිකුත් කරමින් තලේබාන් සංවිධානයේ ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබුණි.
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා 2014 වසරේ දී ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කළ අතර එරට සිටි හමුදා බොහෝමයක් නැවත කැඳවාගන්නා ලදි. එහෙත් පුහුණ සහ ත්‍රස්ත විරෝධී මෙහෙයුම් දියත් කිරීම සඳහා සොල්දාදුවන් 16,000ක් ආසන්න පිරිසක් තවමත් ඇෆ්ගනිස්තානයේ රැඳි සිටිති.
ඒ.එෆ්.පී
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගනිස්තානයේ බෝම්බ ප්‍රහාරයකින් සොල්දාදුවන් තිදෙනකු මරුට