IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇෆ්ගනිස්තානයේ ප්‍රහාර දෙකකින් 50ක් මරුට

කාබුල්හිදීය (රොයිටර්)

ඇෆ්ගනිස්තාන පල්ලි දෙකක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර දෙකකින් 50කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.

කාබුල් අගනුවර ෂියා මුස්ලිම් පල්ලියකට සහ රට මැදට වන්නට පිහිටි තවත් පල්ලියකට මෙලෙස මරාගෙන බෝම්බ ප්‍රහාර එල්ල වී තිබේ.

ෂියා මුස්ලිම් පල්ලියට එල්ල වූ ප්‍රහාරයෙන් 30 දෙනකු ද අනෙක් ප්‍රහාරයෙන් 20 දෙනකු ද මියගොස් ඇතැයි ඇෆ්ගන් ආරංචි මාර්ග සඳහන් කරයි. කාබුල් ප්‍රහාරය ෂියා සුළුතරය ඉලක්ක කරගනිමින් එල්ල වන ප්‍රහාර මාලාවේ නවතම ප්‍රහාරය වන අතර ප්‍රහාරය එල්ල වන අවස්ථාවේදී යාච්ඥා සඳහා පැමිණි ෂියා මුස්ලිම් ආගමිකයන් එහි වී ඇතැයි ද වාර්තා විය. ප්‍රහාරයෙන් කොතරම් පිරිසක් මියගොස් ඇති ද යන්න නිශ්චිතව කිව නොහැකි බවත් ආරක්ෂක අංශ සිකුරාදා රාත්‍රී 10 වනවිට මළසිරුරු 30 ඉවත් කළ බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨයෙක් පැවැසීය. ප්‍රහාරයෙන් 50කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා විය. 

ඇෆ්ගනිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරගනිමින් මේ වසරේදී අනෙක් වසරවලට සාපේක්ෂව ප්‍රහාර රැසක් එල්ල වූ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය සතියේ නිකුත් කළ වාර්තාවකට මේ වසරේදී එල්ල වූ ප්‍රහාරවලින් ෂියා මුස්ලිම්වරුන් 84 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා තිබේ. එම වාර්තාව සැකසීමේදී පසුගිය අගෝස්තු හා සැප්තැම්බර් මාසවලදී කාබුල් නුවර පිහිටි ෂියා පල්ලිවලට එල්ල වූ ප්‍රහාර ද සැලකිල්ලට ගෙන තිබේ. රාත්‍රීය වනතුරුත් කිසිදු සංවිධානයක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබුණු බව ද වැඩිදුරටත් වාර්තා විය. 

055



අදහස් (3)

ඇෆ්ගනිස්තානයේ ප්‍රහාර දෙකකින් 50ක් මරුට

hira Saturday, 21 October 2017 04:29 AM

මේ අය හොයන්නෙම ලේ විතරමද?

:       0       39

ධම්ම Saturday, 21 October 2017 01:57 PM

ඉරාකයට කළා වගේ ෂියා සහ සුන්නි කියා වර්ගීකරණයක් කර එකිනෙකා කොටවන්නයි සූදානම. ඒ දෙගොල්ලන් ගහ ගන්නවා අපි බේරනවා ඇමෙරිකාව ලෝකයට කියාවි.

:       0       3

Perakum Sunday, 22 October 2017 04:20 AM

ලෝක ප්‍රකට අති දුර්ලභ ඓතිහාසික මෙන්ම කලාත්මක හා ආගමික වටිනාකමකින් යුත් බුදු පිළිම විනාශ කරපු අයට දිට්ඨ ධම්ම වේදනීය විපාක ලැබීම ලෝක ස්වභාවයක්. එය විමතියට කරුණක් නොවේ.

:       18       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site