IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකා කොංග්‍රසයට ඊශ්‍රායලයෙන් බලපෑම්

ඊශ්‍රායලයේ දැඩි මැදිහත්වීම නිසා එක්සත් ජනපද කොංග්‍රසයට එරට ජාතික ලැදියාවන්ට අනුකූලව නියමාකාරයෙන් කටයුතු කිරීමට නොහැකි වී ඇතැයි දේශපාලන විශ්ලේෂකයෙක් පෙන්වා දී තිබේ.

එක්සත් ජනපද කොංග්‍රස් සභිකයන් ඊශ්‍රායල බලපෑමට යටත්ව ඇතැයි යන්න පෙන්වා දී තිබෙන්නේ කලකට පෙර භාෂාවේදියකු ලෙස ඇමෙරිකා බුද්ධි අංශවලට සම්බන්ධව කටයුතු කළ දේශපාලන විශ්ලේෂකයකු වන ස්කොට් රිකාඩ්ය. ඔහු මෙම කරුණු ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ප්‍රේස් ටී.වී පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. 
 
ඉරානය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය අනුගමනය කරන උපායමාර්ගය ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ දැඩි විවේචනයට ලක්වීම ගැන අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ස්කොට් රිකාඩ් ඊශ්‍රායල මැදිහත් වීම සම්බන්ධයෙන් අදහස් දැක්වීය. 
 
ඇමෙරිකා එක්සත් ජනපදය , ඉරානය ඇතුළුව ලොව බලවත් රටවල් හයක සහභාගීත්වයෙන් අත්සන් තබන ලද ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවසන් කර දමන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා පසුගිය දිනෙක තර්ජනය කළේය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමේදී ඉරානය හා ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජික රටවල් පහ සහ ජර්මනිය ඊට සම්බන්ධ වූ අනෙකුත් රටවල්ය. අදාළ ගිවිසුමට එකඟත්වය පළ කිරීමේදී එවකට ඇමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා සහ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රමුඛත්වයක් ගෙන කටයුතු කළේය. 
 
ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අත්සන් තැබීමෙන් පසු එරටට ඇමෙරිකාව පනවා තබා තිබූ සම්බාධක ඉවත් කිරීමට ද  පියවර ගැනුණු අතර නැවත සම්බාධක පැනවීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප්ගේ අවධානය යොමු වී තිබේ. ඉරානයට නැවත වරක් සම්බාධක පැනවීමේ යෝජනාව ඇමෙරිකා ජනාධිපතිවරයා එරට කොංග්‍රසයට ද එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කොංග්‍රසය සහ ඇමෙරිකාවේ මිත්‍ර පාර්ශව ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සංශෝධනය කිරීමට කටයුතු නොකරයි නම් ගිවිසුම අවසන් කරන බවට ඇමෙරිකා ජනාධිපතිවරයා තවදුරටත් ප්‍රකාශ කර තිබේ.  
 
මෙම කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන ස්කොට් රිකාඞ් මෙසේ ද පවසයි. “ඇමෙරිකා කොංග්‍රසය තුළ එවැන්නක් කිරීම පහසු වෙන්නේ නැහැ. ඊශ්‍රායල හිතවත් පාර්ශවවලින් කොංග්‍රසයටත් කොංග්‍රස් සභිකයන්ටත් විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ වගේම කොංග්‍රස තුළ ඉරාන විරෝධි පිරිසක් සිටිනවා. ඉරාන විරෝධීන් රිපබ්ලිකන් පක්ෂය තුළ මෙන් ඩිමොක්‍රටික් පක්ෂය තුළත් ඉන්නවා. මොවුන් සියලු දෙනා ඊශ්‍රායල හිතවත් න්‍යාය පත්‍රයේ රූකඩ බවට පත්වෙලා” 

(055)



අදහස් (0)

ඇමෙරිකා කොංග්‍රසයට ඊශ්‍රායලයෙන් බලපෑම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site