IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමරිකාව රුසියානුවන් දඩයමේ - රුසියාව අනතුරු අඟවයි

මොස්කව්හිදීය (රොයිටර්)

ඇමෙරිකා එක්සත් ජනපදය ලොව පුරා සිටින රුසියානු ජාතිකයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇතැයි රුසියාව චෝදනා කරයි.

ඇමෙරිකාව රුසියානුවන් දඩයම් කරන බවත් එම නිසා විදෙස් ගත වීමට පෙර දෙවරක් සිතා බලන ලෙසත් රුසියානු රජය එරට වැසියන්ට අනතුරු අඟවා ඇත.

රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස එරට වැසියන්ට අනතුරු අඟවා ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉල්ලීම පරිදි අනෙකුත් රටවල් රුසියානුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත. 

ඇමෙරිකාවේ ඉල්ලීම පරිදි රුසියානු ජාතිකයන් අත්අඩංගුවට ගන්නා අනෙකුත් රටවල් රුසියානු ජාතිකයන් ඇමෙරිකාවට පිටුවහල් කරන බව ද අදාළ නිවේදනයේ සඳහන්ව තිබේ. 

“ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ සබඳතා වර්ධනය කරගැනීමට උත්සාහ කළ ද ඇමෙරිකාවේ විශේෂ සේවා ඇතුළු කණ්ඩායම් ලොව පුරා සිටින රුසියානු ජාතිකයන් දඩයම් කරනවා” යැයි රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වේ. 

ඉකුත් 2017 වසර ආරම්භයේ සිට මේ දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම යටතේ විදේශ රුසියානු ජාතිකයන් 10කට වඩා රඳවාගෙන ඇතැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 

අත්අඩංගුවට ගත් හා රඳවාගත් රුසියානු ජාතිකයන්ගෙන් වැඩිදෙනා එලෙස අත්අඩංගුවට සහ රඳවාගෙන ගෙන ඇත්තේ සයිබර් අපරාධ චෝදනා එල්ල කරමින් යැයි ද රුසියානු විදේශ අමාත්‍යාංශය කියයි. 

ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර ඇත.

 


055
 
 



අදහස් (0)

ඇමරිකාව රුසියානුවන් දඩයමේ - රුසියාව අනතුරු අඟවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site