IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමරිකාව මාලදිවයිනේ ජනතාව සමගයි - ඇමරිකානු තානාපති

ඇමෙරිකා එක්සත් ජනපදය මාලදිවයිනේ ජනතාව සමඟ සිටින බව එරට ජාතික ආරක්ෂක කවුන්සිලයේ ට්විටර් පණිවිඩයක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඇමෙරිකා තානාපති අතුල් කෙශාප් මහතා සඳහන් කරයි. 

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලය නිකුත් කළ ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් වේ. “ඇමෙරිකාව සෑම විටම මාලදිවයිනේ ජනතාව සමඟ සිටිනවා. මාලදිවයිනේ ආණ්ඩුව සහ හමුදාව නීතියේ ආධිපත්‍යයට, භාෂණයේ නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට ගරු කළ යුතුයි. ලෝකය බලා සිටිනවා”. අධිකරණයේ ස්වාධීනත්වයට සහ නිදහසට ගරු කිරීමත් ඊට සහාය දැක්වීමත් මාලදිවයිනේ සෑම පුරවැසියකුගේම වගකීම යැයි ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ බ්‍රිතාන්‍ය තානාපති ජේම්ස් ඩෝරිස් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. 

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය, චීනය ඇතුළු රටවල් කිහිපයක්ම එම රටවල වැසියන්ගෙන් මාලදිවයිනේ සංචාරය නොකරන්නැයි සඳහන් කරමින් ‘සංචාරක අනතුරු ඇඟවීමේ’ නිවේදන නිකුත් කර තිබේ.

මේ අතර මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම මර්දනය අවසර ලබා දීමක් නොවිය යුතු යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවධාරණය කරයි. 

“මාලදිවයිනේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට දැඩි කනස්සල්ලට හේතු වන කරුණක්. එය ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. රටේ අර්බුදකාරී දේශපාලන තත්ත්වයත් තවත් උග්‍ර කරන්නක්. කෙසේ නමුත් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ රටේ අර්බුදකාරී තත්ත්වය තවත් උත්සන්න කිරීමට හේතුවක් නොවිය යුතුයි. 

ඒ වගේම සියලු පාර්ශව මානව හිමිකම්වලට ගරු කළ යුතු” යැයි ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ දකුණු ආසියානු කලාපයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා දිසානායක මහත්මිය සඳහන් කරයි.  
 
055



අදහස් (1)

ඇමරිකාව මාලදිවයිනේ ජනතාව සමගයි - ඇමරිකානු තානාපති

Thushara Wednesday, 07 February 2018 05:11 AM

චීනය මාලදිවනෙ කරන දැවැන්ත සංවර්දන කටයුතු වැලක්වීමට කපටි රටවල් කීපයක් මාලදිවෛනට ව්‍යාජ ආදරයක් ඇති කරගෙන.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 734 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site