IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාව මැද පෙරදිග මැදිහත්කරුවකු නොවෙයි - තුර්කි ජනාධිපති

ඇමෙරිකා එක්සත් ජනපදයට තවදුරටත් මැද පෙරදිග අර්බුදයේ මැදිහත්කරු ලෙස කටයුතු කිරීමට නොහැකි යැයි තුර්කි ජනාධිපති තායිප් රිසෙප් එර්දොවාන් පවසයි.
 
ඇමෙරිකා එක්සත් ජනපදය දැන් මැදිහත්කරුවකු නොව මැද පෙරදිග අර්බුදයේ තවත් එක් පාර්ශ්වකරුවකු යැයි ද ජනාධිපති එර්දොවාන් කීවේය. 

ඊශ්‍රායලයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ජෙරුසලමේ විවෘත කිරීමත් සමඟ මැද පෙරදිග ඇති වූ තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් තුර්කි ජනාධිපතිවරයා එම කරුණු කීය.
 
ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසලමේ තානාපති කාර්යාලය විවෘත කිරීමෙන් මැද පෙරදිග අර්බුදය තවදුරටත් උග්‍ර වනු ඇතැයි ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියාව ප්‍රකාශ කළේය.
 
ඇමෙරිකාව නීති වීරෝධී ලෙස මෙලෙස තානාපති කාර්යාලය ජෙරුසලමට ගෙන ගොස් ඇති බව සඳහන් අරාබි ලීගය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි වාර්තා වේ.
 
මේ අතර ඇමෙරිකාවට එරෙහිව ප්‍රහාර එල්ල කරන්නැයි අල් කයිඩා සංවිධානයේ ප්‍රධානී අයිමාන් අල් සවාහරී තම අනුගාමිකයන්ගෙන් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.
 
ඬේලිමේල් ඇසුරිනි
 
055



අදහස් (0)

ඇමෙරිකාව මැද පෙරදිග මැදිහත්කරුවකු නොවෙයි - තුර්කි ජනාධිපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2401 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site