IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඇමෙරිකාවටවත් ආර්ථික සම්බාධකවලටවත් බය නෑ - ඉරාන ජනපති

ධවල මන්දිරයේ සිටින ඉරාන විරෝධී නිලධාරීන්ට ඇමෙරිකාව පැන වූ සම්බාධක අසමත් වන බව පෙන්වීමට පියවර ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි අද (28) පැවැසීය.  

ඉරාන පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති හසන් රොව්හානී ඒ බව පැවැසීය. ඇමෙරිකා එක්සත් ජනපදය පැනවූ නව ආර්ථික සම්බාධකවලට මුහුණ දෙන්නේ කෙසේ දැයි යන ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඉරාන ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කළේය. 

ඉරාන ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාව සජීවීව විකාශය කරන ලද අතර ඔහු එහිදි ඇමෙරිකා එක්සත් ජනපදය දැඩිව විවේචනය කළේය. 

“ආර්ථික අර්බුද බරපතලයි. බොහෝ පිරිසක් ඉරානයේ අනාගතය කෙරෙහි තබා ඇති විශ්වාසය අහිමි කරගෙන. ඔවුන්ට ඉරානයේ බලය පිළිබඳ දෙගිඩියාවක් ඇවිත්. එය සියල්ලටම වැදගත්” යැයි ද ඉරාන ජනාධිපතිවරයා එහිදි කීය.  

“අපි ඇමෙරිකාවට හෝ ආර්ථික අර්බුදවලට බය නැහැ. අපි මේ සෑම ප්‍රශ්නයක්ම විසඳගන්නවා” හෙතෙම කීය. 

රොයිටර්ස්



අදහස් (0)

ඇමෙරිකාවටවත් ආර්ථික සම්බාධකවලටවත් බය නෑ - ඉරාන ජනපති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site