බීජිංහිදීය (ඒ.එෆ්.පී)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආනයනික ඇළුමීනියම් සහ යකඩ මත තීරුබදු පැනවීමට තීරණය කිරීමත් සමඟ එරටට චීනය හා ජපානය ඇතුළු ඔවුන්ගේ ප්‍රධානතම වෙළෙඳ සහකරුවන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබේ.
විදේශ යකඩ සහ ඇළුමීනියම් මත තීරු බද්දක් පැනවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉකුත් ද කටයුතු කළේය. එයත් සමඟ ආසියානු කලාපයේ දැවැන්ත ආර්ථික හිමි චීනය සහ ජපානය මෙන්ම ඇමෙරිකාවේ අනෙකුත් වෙළෙඳ පාර්ශවකරුවන්ගෙන් ඇමෙරිකාවට දැඩි විරෝධයක් එල්ල වී තිබේ. මෙයත් සමඟ ගෝලීය ආර්ථික යුද්ධයක් ඇති වීමේ අවදානමක් ද නිර්මාණය වී තිබේ.
ආනයනික යකඩ මත පැනවූ සියයට 25ක තීරුබද්ද සහ ආනයනික ඇළුමීනියම් මත පැනවූ සියයට 10ක තීරුබද්ද ආර්ථික සබඳතාවලට අහිතකර ලෙස බලපානු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීප මිතුරකු මෙන්ම ප්‍රධානතම වෙළෙඳ පාර්ශවකරුවකු වන ජපානය අනතුරු ඇඟවීය. ඇමෙරිකාව ලොව විශාලතම ආර්ථිකයට හිමිකම් කියන අතර ජපානය ලොව තෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියයි.
තීරුබදු පැනවීමට ඇමෙරිකාව ගත් තීරණය ගෝලීය වෙළෙඳ පද්ධතියට සහ ලෝක ආර්ථිකයට අහිතකර ලෙස බලපානු ඇතැයි ජපාන රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයකු වන යොෂිහිදේ සූගා පැවැසීය. ඇමෙරිකාවේ තීරණය ජාත්‍යන්තර වෙළෙඳ සම්මතයට එල්ල වූ දරුණු ප්‍රහාරයක් යැයි ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන චීනය ඇමෙරිකාවේ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කීය.
කෙසේ නමුත් මෙම තීරුබදු ඇමෙරිකාවේ අසල්වැසි රටවල් වන කැනඩාව සහ මෙක්සිකෝවට අදාළ නොවන බව ද වාර්තා වේ. කැනඩාව, බ්‍රසීලය, රුසියාව, දකුණු කොරියාව, ජපානය, ජර්මනිය චීනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇමෙරිකාව සමඟ යකඩ සහ ඇළුමීනියම් වෙළෙඳාමේ යෙදෙන රටවල්ය.
055
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාට චීනය හා ජපානයෙන් විරෝධයක්
සෙනෙවි Saturday, 10 March 2018 12:39 PM
ඔන්න නිදහස් වෙළඳ ප්‍රතිපත්ති වල හැටි ...