නිව්යෝක්හිදීය (ඒ.එෆ්.පී)
ඇපල් සමාගම අද (2) එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයේ වෙළෙඳ අගය පසු කර ගිය පෞද්ගලික අංශයේ ලොව ප්‍රථම සමාගම බවට පත්විය.
කාර්තුවේ ඉපැයුම් වේගයෙන් ඉහළ යෑමත් සමඟ ඇපල් සමාගම එම කඩඉම පසු කිරීමටත සමත්කම් දැක්වීය.
උදෑසන වෙළෙඳාම් අවසන් වීමත් සමඟ ඇපල් සමාගමේ කොටසක මිල ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 207.05ක් ලෙස සටහන් විය.
ලෝ ප්‍රකට ‘අයිෆොන්’ එසේත් නැතිනම් ‘අයි’ ස්මාටර් ජංගම දුරකතන නිෂ්පාදනය කරන සමාගම වන ඇපල් සමාගම අද මෙලෙස ලාබ ලැබුවේ අඟහරුවාදා (31) සිට දින දෙකකදී වාර්තා කළ කොටස් මිල ඉහළ යෑමේ ප්‍රතිඵලයක් ලෙසය.
මෙම කඩඉම පසු කළ පෞද්ගලික අංශයේ ලොව පළමු සමාගම බවට ඇපල් සමාගම වුවත් මීට පෙර 2007 වසරේදී චීන රජයට අයත් තෙල් සමාගමක් වන ‘පෙට්‍රෝචයිනා’ සමාගම එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ගියේය. එහෙත් එම සමාගම එතැන් පටන් පහත වැටිණි.
055
2025 නොවැම්බර් මස 04
760
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇපල් සමාගම ලොව පළමු ඩොලර් ට්‍රිලියන සමාගම බවට පත්වෙයි