IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආයෝජකයන්ට චීනයේ දොරටු ඇරෙයි

බීජිංහිදීය (රොයිටර්)
 
දේශීය මූල්‍ය ව්‍යාපාරවල විදෙස් හිමිකාරීත්ව සීමාව ඉහළ නංවන බව චීන රජය  නිවේදනය කරයි. 
 
මේ අනුව ගෝලීය මූල්‍ය සේවා වෙළෙඳපොළේ ආසියාවේ දැවන්තයා වන චීනය විදෙස් ආයෝජකයන්ට එරට තුළට පැමිණීමට වැඩි අවස්ථාවක් ලබා දී තිබේ.
 
ඇමෙරිකා ජනාධිපතිවරයා චීනයේ සංචාරය කර දිනකට පසු එරට නියෝජ්‍ය මුදල් අමාත්‍ය ෂූ ගුවැන්ගුයෝ එම තීරණය නිවේදනය කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා චීන ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී චීන වෙළෙඳපොළ වෙත ප්‍රවේශවීම සඳහා නිසි හා යහපත් ක්‍රමවේද සකසන්නැයි නැවත නැවත ප්‍රකාශ කර ඇත.
චීනයේ මෙම නව තීරණය විදෙස් ව්‍යාපාර ප්‍රජාවෙන් යහපත් ප්‍රතිචාර ලැබී තිබෙන අතර කෙසේ නමුත් චීනය ඒ සම්බන්ධයෙන් නව නීති ප්‍රකාශයට පත් කරන තුරු විමසිල්ලෙන් සිටින බව ද ප්‍රකාශ කර තිබේ.  
 
‘චීනය එරට මූල්‍ය ක්ෂේත්‍රය ලිහිල් කිරීම සඳහා ගන්නා ඕනෑම තීරණයක් සෑම විටම සතුටෙන් පිළිගන්නවා‘ යැයි චීන රජයේ නව තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජේ.පී මෝගන් සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය. 
 
ඇමෙරිකා ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී දෙරට අතර වෙළෙඳාම අසාධාරණ යැයි ඇමෙරිකාවේ සමාගම් සඳහා චීන වෙළෙඳපොළට ප්‍රවේශ වීමට නිසි, යහපත් හා සාධාරණ ක්‍රමවේදයක් සකසන්නැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින්ග්ගෙන් ඉල්ලා තිබිණි.
 
055



අදහස් (0)

ආයෝජකයන්ට චීනයේ දොරටු ඇරෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 725 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1753 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site