IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ආණ්ඩුවට හිතවත් නගර දෙකකින් සිවිල් වැසියන් ඉවත් කරගනී

උතුරු සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද්ට හිතවත් නගර දෙකකින් සිවිල් වැසියන් දහස් ගණනක් ඉවත් කරගත් බව එරට බලධාරීහු අද (19) ප්‍රකාශ කළහ. 
 
වසර හතක සිරියානු සිවිල් යුද්ධයේ දීර්ඝතම කාලයක් එක් ප්‍රදේශයකට කොටු වී සිටි ජනතාව මෙම නගර දෙකේ සිටී ජනතාව යැයි ද පැවසේ. මේ අනුව සිවිල් වැසියන් ඉවත් කර ඇත්තේ ඉඞ්ලිබ් පළාතේ ෆුවා සහ කෆ්රයා යන නගරවලිනි.
 
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට හිතවාදී පිරිස් සිටින නගර දෙකක වූ මෙම නගර දෙක ආණ්ඩු විරෝධී කැරැලිකරුවන් විසින් වට කර තිබිණි. 
 
මෙම නගර දෙක ෂියා බහුතරයක් ජීවත්වූ නගර දෙකකි. හයාත් තහ්රිර් අල් ෂාම් කැරැලිකරුවන් වසර තුනකට ආසන්න කාලයක් මෙම නගර වටකර තිබිණි. හයාත් තහ්රිර් අල් ෂාම් කැරැලිකරුවන් යනු ජිහාද් සන්ධානයක් වන අතර සිරියාවේ හිටපු අල්කයිඩා සංවිධානයට සම්බන්ධ සිරියානු රෙජීමයට විරෝධී සංවිධානයකි.  
 
කැරැලිකරුවන් ඉලක්ක කරගනිමින් සිරියානු රජයේ හමුදා ප්‍රහාර එල්ල කළ ද මෙම නරග සිරියානු රෙජීමයට මෙන්ම ඔවුන්ගේ මිතුරන් වන ඉරානයටත් දැඩි බරක්ව පැවැතුණි. 
 
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහාය දක්වන රුසියාව සහ කැරැලිකරුවන්ට සහාය දක්වන තුර්කිය අතර ඇති කරගත් එකඟතාවත් මත නගරවලින් සිවිල් වැසියන් ඉවත් කරගැනීමට සිරියානු රජයට අවස්ථාව උදා විය. එම ගිවිසුම අනුව අත්අඩංගුවේ පසුවන සිරකරුවන් නිදහස් කිරීමට සිරියානු රජය කටයුතු කළේය. 
 
055



අදහස් (0)

ආණ්ඩුවට හිතවත් නගර දෙකකින් සිවිල් වැසියන් ඉවත් කරගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site