තම දරුවනට හෙරොයින් එන්නත් කළැයි කියන ඇමෙරිකාවේ වොෂින්ටන්හී තරුණ යුවලකට ළමා අපරාධ චෝදනා ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ඔවුන්ගේ දරුවන් තිදෙනා නිදි කරවීමට එලෙස කරන්නට ඇතැයි පොලිසිය සැක පලකරයි.
තම මව විසින් සුදු පැහැති කුඩු වර්ගයකට වතුර මිශ්‍ර කර එන්නත් කළ බව එක් දරුවෙකුගේ කටඋත්තරයේ සදහන් වෙයි.කෙසේ වෙතත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බව සැකකරුවෝ අධිකරණයේදී කීහ.
දරුවන් තිදෙනා මත්ද්‍රව්‍ය පරීක්ෂණය සදහා යොමු කළ බවත් ඉන් එම චෝදනා තහවුරු වූ බවත් බලධාරීහු පවසති.ඔවුන්ගේ ශරීරයේ තිබී එන්නත් කටු සළකුණු කිහිපයක් ද සොයා ගත් බව කියති.
ඇමෙරිකාවේ මත්ද්‍රව්‍ය අපරාධ වැඩි වෙමින් පවතින බවත් මාර්ග අනතුරු සිදුවීමට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔවුහු පවසති.මෙවන් පහත් ක්‍රියා හෙළාදැකිය යුතු බවත් නිසි දඩුවම් ලබා දිය යුතු බවත් ළමා අයිතීන් පිළිබද ක්‍රියාකාරීහු පවසති.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අම්මා ළමයින්ට හෙරොයින් දීලා
දමිත් Saturday, 05 November 2016 07:17 PM
සරත් සමඟ අපි එකඟයි
චානක ලොස් ඇන්ජලිස් Friday, 04 November 2016 03:41 AM
මිලානෝ ඇමරිකාව ගැන ඉගෙනගන්න හදන්නේ සිංහල පත්තර බලලද? ඇමරිකාවට ඔබ ජීවිත කාලයේ එක සැරයක් හෝ ගිහින් තිබෙනවාද? ඇමරිකාවේ සමෘද්ධිය, විද්‍යාත්මක ජයග්‍රහණ ගැන දැනගන්න ඉංග්‍රීසි මාධ්‍ය කියවන්න (අ)
ප්‍රසංග Thursday, 03 November 2016 05:29 AM
සරත්, නිකන් මෝඩ කතා කියන්න එපා. හැමදේටම මහා බැංකුව අැදලා ගන්න එපා. (නි)
සරත් Wednesday, 02 November 2016 04:49 PM
ඕවා මොනවද? අපේ රටම නිදිකරවන්න මහබැංකු හොරකමක් කරලා තියෙන්නේ (නි)
සුපුන් Wednesday, 02 November 2016 06:31 PM
ලංකාවෙත් ඔහොම තමා. අර හිඟන්නෝ ගාව ඉන්න දරුවන්ට දෙන්න ඕනෑ ඔක්කොම දීලා මැරිච්ච මළමිනි වගේ කරේ ගහගෙන හිඟා කනවා. (නි)
නුවන් ලොස් ඇන්ජලිස් Thursday, 03 November 2016 12:27 AM
ඇමරිකාව නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන රටක්. මේ වගේ අපරාධයක් කරලා යහතින් ඉන්න හම්බවෙන්නේ නැහැ (නි)
පිටිගල මිලානෝ Thursday, 03 November 2016 11:18 PM
ඇමරිකාවේ ජීවත්වීමම බිය ගෙනදෙන්නක්. ඇමරිකාව ගැන සමුහ ඝාතන සහ මෙවැනි පුවත් හැරෙන්න අපි දකින්නේ මොනවාද? (නි)