IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අමුතු ලෙඩකින් හයක් මිය යති

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වැසි සහිත කුණාටුවකින් පසු ඇතිවූ ආසාත්මික තත්ත්වයක් නිසා හය දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

වික්ටෝරියා ප්‍රාන්තයට ඇදවැටුණු ධාරානිපාත වර්ෂාව සහ තද සුළං සමග මෙම තත්වය ඇතිවූ බවත් ශ්වසන අපහසුතා වලින් සහ ආසාත්මික ඇදුම රෝගය උත්සන්න වීමෙන් දහස්ගනනක් ජනතාව රෝගී වී ඇති බවත් රෝහල් බලධාරීහු පවසති. තිදෙනකුගේ තත්වය බරපතල වන අතර 8000කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබාගෙන ඇත.

වෛද්‍යවරු පවසන්නේ මෙය දුර්ලභ සංසිද්ධියක් බවයි. මෙම ප්‍රදේශ වල විශාල වශයෙන් වැවෙන රයි නම් තණකොල වර්ගය වියැලෙන කාලයට එහි කුඩා කොටස් සුළඟට එක් වී ශ්වසන අපහසුතා ඇති කරන බව ඔවුහු පවසති.

_92679589_mediaitem92679584



අදහස් (0)

අමුතු ලෙඩකින් හයක් මිය යති

අබේරත්න Tuesday, 29 November 2016 07:19 AM

අද වෙනකොට අටයි....අට වෙනියා ලංකාවේ සිංහලයෙක්....(බ)

:       0       0

සෑම් Monday, 28 November 2016 06:06 AM

මේක අමුතු ලෙඩක් වත් අලුත් ලෙඩක් වත් නොවෙයි. මල් රේණු ඇතිවෙන කාලය (වසන්තය) දැන් උදාවී තිබෙන අතර සහ රයි වියලීමට තරම් උණුසුමක් ඇති දින කිහිපයකින් පසුව එක්වරම සැඩ සුළං හැමුවා. මේ මියගිය සියලුම දෙනාගේ මරණයට හේතුව නියමිත වෙලාවට ගිලන් රථයක සේවය නොලැබීමයි . මෙදින සාමාන්‍ය දිනයකට සාපේක්ෂව ගිලන් රථ ඉල්ලීම් හය ගුණයකින් ඉහල යාම නිසා සමහර රෝගීන්ට පැයකටත් වඩා ගිලන් රථ සඳහා බලා සිටින්න සිදු උනා . මේ රටේ හදිසි රෝගීන් ලංකාවේ වගේ මොකක් හරි වාහනේක දාගෙන රෝහලට ගෙන යාමේ පුරුද්දක් නැතිකමත් මේ මරණ වලට දායක වුනා .(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site