IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අභ්‍යාවකාශයට යන දූරියන්

ඒ.එෆ්.පී
 
එය තායිලන්තයට එක් කුඩා පියවරක් වුවත් අග්නිදිග ආසියාවේ සුවඳින්ම වැඩිම පළතුරට නම් යෝධ පියවරකි. තායිලන්තය අපටත් හුරු පුරුදු ‘දූරියන්’ පළතුර කක්ෂයට යැවීමට සැලසුම් කර තිබේ. 

 
ගුරුත්වාකර්ෂණය අවම අවස්ථාවලදී දූරියන් පළතුර ආහාරයට ගැනීම සහ එහි තත්ත්වය පරීක්ෂා කිරීමටත් අනාගත අභ්‍යාවකාශ ගමන්වලදී ‘තායි ආහාර’ ගැනීම අත්හදා බැලීම සඳහාත් මෙලෙස දූරියන් අභ්‍යාවකාශයට යැවීමට සැලසුම් කර තිබේ. 
 
“අනාගතයේදී ගගනගාමීන්ට තායි ආහාර ආහාරයට ගැනීමට හැකිවෙන්නයි අපිට ඕනේ” යැයි ‘තායි භූ තොරතුරු විද්‍යා සහ අභ්‍යාවකාශ තාක්ෂණ සංවර්ධන ආයතනයේ’ ප්‍රකාශකයා පැවැසීය. 
 
“අභ්‍යාවකාශයට යවන ලද දූරියන නැවත පෘථිවියට ගෙනා පසු එහි භෞතික තත්ත්වයේ වෙනසක් තිබිය යුතු දැයි පරීක්ෂා බලන්න ඕනේ. ප්‍රමාණයෙන් කුඩා වෙලාද නැතිනම් පැළීමකට ලක්වෙලා ද කියලා බලන්න ඕනේ’ හෙතෙම කීය. 
 
දූරියන් යනු දකුණු ආසියානු සහ අග්නිදිග ආසියානු රටවල බෙහෙවින් ප්‍රසිද්ධ පළතුරකි. එහි ඇති අධික සුවඳ නිසා ඇතැම් පිරිස් දූරියන් අප්‍රිය කරති. ඒ නිසා දූරියන් ගුවන් යානා, සෝපාන සහ හෝටල් කාමර තුළ තහනම් පළතුරක් බවට පත්ව තිබේ. 
 
දූරියන් පළතුරේ ආහාරයට ගත හැකි කොටස ඇත්තේ පළතුර මධ්‍යයේ. එය ඉතා ආරක්ෂාකාරීව තිබේ. මෙම ස්වභාවික ආරක්ෂිත බව අභ්‍යාවකාශය තුළ ද ඒ අයුරින්ම තිබේද යන්න විමසා බැලීමට විද්‍යාඥයන්ට අවශ්‍ය වී තිබේ. 
 
055



අදහස් (1)

අභ්‍යාවකාශයට යන දූරියන්

Kumari Saturday, 02 June 2018 01:51 AM

අපේ රටටත් අවස්ථාවක් ලැබේවා !

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 754 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1759 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site