IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


‘අප්‍රේල් - ජූනි මාසවලදී ඉන්දියාවේ ආර්ථිකය සීයයට 7.6 කින් වර්ධනය වෙලා‘

බෙංගලරුහිදීය (රොයිටර්)

මේ වසරේ අප්‍රේල් - ජූනි මාසයේදී ඉන්දීය ආර්ථිකය සියයට 7.6ක අගයකින් වර්ධනය වී ඇතැයි රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.

නිෂ්පාදන සහ අපනයන වර්ධනය එම ආර්ථික වර්ධනයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති අතර ආර්ථිකවේදීන් ඇතුළත් කර ගනිමින් රොයිටර් පුවත් සේවය කරන ලද ඡන්ද විමසීමක දී ඉහත කරුණු අනාවරණය විය.

ආර්ථිකවේදීන් 50 දෙනකු සහභාගී කර ගනිමින් කරන ලද මෙම ඡන්ද විමසා. මේ වසරේ ජනවාරි - මාර්තු කාර්තුවේදී ඉන්දියාවේ ආර්ථික වර්ධනය සියයට 7.7ක් බව එම ආර්ථිකවේදීන්ගේ පොදු එකඟතාව වී ඇත.  

එක්සත් ජනපද ඩොලර් ට්‍රිලියන 2.59ක ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාවේ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 7ත් 8ත් අගයක් ගනු ඇතැයි ද එම ආර්ථික විද්‍යාඥයෝ පවසති. 
 
ඉන්දීය රුපියල දුර්වල වුවත් ඉන්ධන මිල ගණන් ඉහළ ගියත් දේශීය ඉල්ලුම ශක්තිමත්ව පවතින බවත් නිෂ්පාදන ක්‍රියාවලිය එහි ප්‍රධාන ධාවකය බවත් එම ඡන්ද විමසීමෙන් ලද ප්‍රතිඵල යෝජනා කරයි.  

ඡන්ද විමසීමෙන් ලද ප්‍රතිඵල සහ අනාවැකි නිවැරැදි වුවහොත් ඉන්දියාව අඛණ්ඩව සියයට 7ක් හෝ ඊට වැඩි ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ තෙවැනි කාලසීමාව එය වනු ඇත. 


(055)



අදහස් (0)

‘අප්‍රේල් - ජූනි මාසවලදී ඉන්දියාවේ ආර්ථිකය සීයයට 7.6 කින් වර්ධනය වෙලා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site