IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අන්තර්ජාතික පුවත්පත් ආයතනයෙන් බංගලාදේශ අගමැතිනියට ලිපියක්

බංගලාදේශයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් කරමින් අන්තර්ජාතික පුවත්පත් ආයතනය එරට අගමැතිනි ෂීක් හසීනාට ලිපියක් යවා ඇත.
 
පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බවත් අත්අඩංගුවට පත්ව සිටින ඡායාරූප මාධ්‍යවේදී ෂහිදුල් අලාම් කඩිනමින් නිදහස් කළ යුතු බව ද එම ලිපිය මගින් අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංග්ලාදේශ අගමැතිනියට දන්වා ඇත.
 
බංගලාදේශය අත්සන් කර තිබෙන ප්‍රඥාප්තිවලට අනුව ෂහිදුල් අලාම් අත්අඩංගුවට ගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස උල්ලංඝණය කිරීමක් යැයි ද අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංග්ලාදේශ අගමැතිනියට යැවූ ලිපියේ සඳහන්ව ඇත.
 
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර ආරම්භ කරන බවත් ඊට අග්‍රාමාත්‍යවරියගේ පක්ෂයේ ආධාරකරුවන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් අන්තර්ජාතික පුවත්පත් ආයතනය සඳහන් කර ඇත.
 
ව්‍යවස්ථාවෙන් මෙන්ම අන්තර්ජාතික ප්‍රඥාප්තිවලට අනුව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනාගෙන් ඉල්ලා ඇත. 
 
 
055



අදහස් (0)

අන්තර්ජාතික පුවත්පත් ආයතනයෙන් බංගලාදේශ අගමැතිනියට ලිපියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site