බිම්බෝම්බ ඉවත් කිරීමට ලොව බොහෝ රටවල් අති නවීන තාක්ෂණික උපකරණවල පිහිට පතද්දී මොසැම්බික්හි බළධාරීන් එම වගකීම පවරා තිබෙන්නේ විශේෂයෙන් පුහුණු කළ මීයන් කණ්ඩායමකට වේ.
මෙම මීයන් බෙල්ජියමේ පිහිටි ඇපෝපෝ නම් රාජ්‍ය නොවන සංවිධානයක් යටතේ බිම්බෝම්බ සෙවීම සඳහා පුහුණු කෙරෙන්නන් වේ.එම සංවිධානයේ නිර්මාතෘ බාර්ට් වීට්ජෙන්ස් පවසන අන්දමට සුනඛයින් තරමටම ගඳ සුවඳ හදුනාගැනීමට මීයන්ට හැකියාවක් තිබෙන අතර බිම්බෝම්බ හඳුනාගැනීමට මීයන් යොදාගත හැකි දැයි පර්යේෂණයක් කර බැලීමට ඔහු යොමුව ඇත්තේ ඒ හේතුවෙනි.
වසර ගණනක් කළ පර්යේෂණයන් අවසානයේ සාර්ථක නිමාවක් දැක ඇත. උපකරණයක් තනනවාට,බිම්බෝම්බ සොයාගැනීමට සුනඛයෙකු පුහුණු කරනවාට වඩා පහසුවෙන් හා අඩු මුදලකින් මීයෙකු පුහුණු කළ හැකිවීම නිසාවෙන් බාර්ට්ගේ අපූරු සොයාගැනීමට ඉහළ ඉල්ලූමක් ලැබී තිබෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින්ය. මොසැම්බික් රාජ්‍යය එරට බිම්බෝම්බ වළ දමා ඇති ස්ථාන හදුනාගැනීමට මෙම මීයන්ගේ සේවය ලබාගෙන ඇත්තේ මේ අයුරිනි.
මී සේනාවට බිම් කඩකට යොමුකර හිස්ලූ අත දිවීමට අවස්ථාවක් නොදෙන අතර ඔවුන් ගෙලෙහි බදින ලද විශේෂ රැහැනකින් පසුසින් එන හමුදා භටයින් හා සම්බන්ධව සිටී. මීයෙකු බිම්බෝම්බයක් වළදමා ඇති ස්ථානයක් ඉවකර හඳුනා ගැනීමෙන් පසු බෝම්බය ඉවත් කිරීම සිදුවන්නේ ඔවුන් අතිනි.
සාමාන්‍ය අවස්ථාවක වර්ග මීටර 200 ක බිම්කඩක් පරීක්ෂා කිරීමට දින පහක පමණ කාලයක් ගතවෙතත් මෙම පුහුණු කළ මීයන්ට ඒ සඳහා ගතවෙන්නේ විනාඩි 20 කටත් වඩා අඩුකාලයක් බව පැවසේ.
මෙම සතුන් නිසා වැරදීම් සිදුවීමට ඇති හැකියාවේ ඉහළ සම්භාවිතාවක් ඇතැයි කෙනෙකුට සිතිය හැකිවුවත් මේ දක්වාම බිම්බෝම්බ වලට හසුව මියගොස් තිබෙන්නේ මීයන් දෙදෙනෙකු පමණක් වීම නිසාත්, මොසැම්බික්හි වළදමා තිබෙතැයි පැවසෙන 13000 ක් පමණ වන බිම්බෝම්බ අතරින් අතරින් අඩකට ආසන්න ප්‍රමාණයක් සොයාදීමට මීයන් සමත්ව ඇති නිසාත් දැනට මෙම සතුන්ගේ හැකියාව කෙරෙහි සැකයක් ඇති කරගත යුතු කරුණක් නැත.
මිනිස් ඛේට සාම්පල ආඝ්‍රාණය කරවා එම සාම්පලයන්ගේ රෝග කාරක තිබෙන්නේ නම් ඒවා හඳුනාගැනීමට මීයන් පුහුණු කළ හැකිදැයි සොයාබැලීමට වෙනම පරීක්ෂණයක්ද ඇපෝපෝ ආයතනය දියත් කර තිබේ.
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මී සේනාවෝ බෝම්බ සොයති
සජිත් Sunday, 05 July 2015 03:34 PM
අම්මෝ! මුන් බල්ලෝ විතරම ඇතිනේ.ගෙදරක හිටියොත් දවසට හාල් ගෝනියක් කයි.අනේ! කවුරුහරි දන්නා කෙනෙක් මේ යෝධ මීයෝ ගැන විස්තරයක් දානවා නම් හොඳයි අපි වගේ අයට දැනගන්න. (නි)
දුලාන් Friday, 03 July 2015 10:33 AM
ලංකාවටත් ආවනම් හොදයි...!(ම)
ඉලුක්පිටියේ හිමි Friday, 03 July 2015 06:35 PM
මෙම කටයුතු පුහුණු කරන තැනට මම ගියා. ඉතා වැදගත් දෙයක්. මීයන්ගෙන් වැඩක් ගන්න පුළුවන් බව පෙන්වීම ඉතා වැදගත්. (නි)
ගුණවර්ධන Saturday, 04 July 2015 03:59 PM
දුලාන් මගේ අම්මෝ මොනවද මේ කියන්නේ ලංකාවේ කොච්චර වැගන් මියෝ ඉන්නවද සිනි, පරිප්පු පෙන්නන්න බැහැ මේ අයට ගඳ සුවඳ හොඳට දන්නවා (නදී)
චන්දන Saturday, 04 July 2015 09:07 PM
ඉතා හොඳ දෙයක් (නි)
ප්‍රියදර්ශන Saturday, 04 July 2015 02:24 AM
බොහොම වැදගත් යෝජනාවක් (නි)
පිටබැද්දර ජයා Saturday, 04 July 2015 12:30 PM
අපේ අම්මෝ අපිට නම් එපෝ, අපේ මියන්ගේ වැඩ තාම හොයනවා පහුගිය අවුරුදු දහයට කරපුවා (නදී)
චන්ද්‍ර වීරසිංහ Monday, 06 July 2015 11:44 PM
අපේ රටේ ඉන්න මීයා සත්ව විද්‍යාත්මකව නම් කර ඇත්තේ රට්ටුස් රටුස් කැන්ඩියනාස් කියලා. එයාලා අපේ රටේම අය නිසා රැකගැනීම ඔබ සතුයි (නි)
ඇසළ Friday, 03 July 2015 03:42 PM
දුලාන් මොනවට ලංකාවට අඩගහනවද, ජයවර්ධන පුරේට ගිහින් බලන්න ඉන්න තරමක් ඉන්නේ මියෝ. (බ)