ශල්‍යකර්ම සිදුකරද්දී සියළුම තොරතුරු ඇතුලත් කළු පෙට්ටියක් නිර්මාණය කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්ව සිටිති. සැත්කම සිදුකරද්දී වීඩියෝ කැමරාවක් මාර්ගයෙන් දර්ශන පටිගත කර පරිඝනක උපාංගයක් මගින් ඒවා සියල්ල විශ්ලේෂණය කරයි. ශල්‍ය වෛද්‍යවරයා විසින් සිදුකරන වැරදී ඒ මාර්ගයෙන් සොයාගත හැකිවන අතර එමගින් ක්ෂණික ප්‍රතිචාර වෛද්‍යවරයාට ලබාදීමට ද හැකියාව ඇති බව පැවසේ.
මෙය ශල්‍යකර්මයන්හි කළු පෙට්ටියක සිහිනයක් මල්ඵල ගැනීමකි. එමගින් පශ්චාත් ශල්‍යකර්ම ගැටළුද බොහෝසේ අඩු කර ගත හැකිවේ. එමෙන්ම ශල්‍ය වෛද්‍යවරුනට සැත්කම ගැන විමසා බැලිය හැකි අතර ඉදිරි සැත්කම් සඳහා පෙර සුදානමක් ලබා ගැනීමට ද මෙමගින් හැකියාවක් ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි.
මෙය නිෂ්පාදනය ආරම්භකැර ඇත්තේ කැනඩාවේ පර්යේෂකයන් පිරිසකි. එය ගුවන් යානයක කළු පෙට්ටිය හා සමාන බවත් ගුවන් යානයේ සියළු ම විස්තර හා තොරතුරු දැනුම් දෙන ආකාරයෙන් ම ශල්‍ය කර්මයේ සියළු තොරතුරු මෙහි අඩංගු වේ.
උපකරණය නිපදවන කන්ඩායමේ ප්‍රධානී ටොරන්ටෝහි ශාන්ත මයිකල් රෝහලේ ප්‍රධාන ශල්‍ය වෛද්‍ය ටියඩෝර් ග්‍රැන්චරෝ පවසන්නේ මේ කළු පෙට්ටිය භාවිතයට ගැනීමෙන් අනාගත ශල්‍යකර්මවල අතපසුවීම් වළක්වාගත හැකිවන බවයි.
රෝහල් රැසක් දැනටත් මේ උපකරණය ඇණවුම් කැර ඇතැයි ද පැවසේ. එසේ වුව ද වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් මේ උපකරණයෙන් නීතිමය ගැටළු මතුවිය හැකියැයි සිය විරෝධය පළකැර ඇත. ඔවුන්ගේ මතය වී ඇත්තේ මේ උපාංගය සවිකිරීමෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබාගැනීමට වඩා සැත්කම පිළිබඳ අනවශ්‍ය තොරතුරු අනාවරණය වීම ගැටළුවක් විය හැකි බවයි. එසේ වුව ද මෙය අධ්‍යාපනික මෙවලමක් ලෙස යොදා ගැනීමේ හැකියාව ඇතැයි ද ඔවුහු කියති.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කළු පෙට්ටිය සැත්කමටත් එයි
jayath Wednesday, 27 August 2014 12:53 PM
වෛද්‍ය අතපසුවීම් අවම කරගන්න ( බම්බලපිටියේ දොස්තරගේ ජාතියේ ඒවා නෙමි ! ) මේ ක හොඳ පිටුවහලක් වේවි ! (අ)