IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


උපන් දිනේට රන් කමිසයක් අඳී

ඉන්දියාවේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික පන්කාජ් පරාක්   සිය 45 වැනි උපන් දිනය සැමැරුවේ තනි රත්තරනින් නිර්මාණය කරන ලද කිලෝ  හතරක් බරැති කමිසයකින් සැරසෙමිනි.

පන්කාජ් පරාක් මූලික අධ්‍යාපනය ලැබුවත් කිසිදු විභාගයක් සමත් වූයේ නැත. එහෙයින් ඔහුට උසස් අධ්‍යාපනයට වරම් නොලැබුණි. ස්වෝත්සාහයෙන් නැගී සිටිමින් පන්කාජ් පරාක්, සුළුවෙන් ආරම්භ කළ රෙදි පිළි ව්‍යාපාරය අද ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රෙදි පිළි සමාගමක් බවට පත් වී ඇති අතර, කෝටි ගණනින් ලාබ ලබයි.

තමාටත් තම ව්‍යාපාරයටත් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ද අරමුණින්, තමා උපන්දිනය දා රනින් තැනූ කමිසයක් ඇඳීමට තීරණය කළේ යැයි පන්කාජ් පරාක් මාධ්‍ය හමුවේ කියා සිටියේය. කෙසේ නමුත් උපන්දිනය දා ඔහු එහෙමෙහෙ ගියේ හැඩිදැඩි ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු ද පිරිවරා ගනිමිනි.

1407419226886_wps_5_epa04343164_Indian_busine



අදහස් (0)

උපන් දිනේට රන් කමිසයක් අඳී

මුදිත සඳරුවන් Saturday, 09 August 2014 07:01 AM

මට නම හරි සතුටුයි මේ මනුස්සය ගැන..තමන්ගේ උත්සාහයෙන් නැගිට්ට කෙනක් අපි සතුටු වෙමු...(දී)

:       0       0

ෂෙරිෆ් Saturday, 09 August 2014 07:02 AM

රත්තරනින් කලිසමකුත් මහලා ඇඳගත්තනම් මිනිහ තවත් රනින් බැබලෙයි, (දී)

:       0       0

අරවින්ද Sunday, 10 August 2014 06:13 AM

එයා අනුවණ මිනිහෙක් කියල කියන්නේ කොහොමද? කාන්තාවන් රත්තරන් පොරවාගෙන බස්වල, පාරේ තනියෙම යනකොට අනුවණ ගෑණු කියලා කිව්වොත් මොකද කියන්නේ? (නි)

:       0       0

දර්ශන Sunday, 10 August 2014 06:17 AM

රෙදිපිළි සමාගමක් අයිති මනුස්සයෙක්නේ.මොන ඇඳුමක් ඇඳගෙන ආවහම අපිට මොකද? (නි)

:       0       0

මොහොමඩ් Saturday, 09 August 2014 07:12 AM

ධනවත් අනුවණයෙක් (දී)

:       0       0

නිශා Saturday, 09 August 2014 07:14 AM

බන්දුල, ඔය කැම්පස් ගියේ නෑ නේද, කෝ ඔයාගේ රන් කමිසේ (දී)

:       0       0

හේවා Saturday, 09 August 2014 07:08 PM

මේ වගේ දේවල් බලල අපේ අයත් අනේ මන්දන්නේ නැහැ (දී)

:       0       0

අසෝකා Saturday, 09 August 2014 07:32 AM

දැන් ඔය කමිසේ පරිස්සම් කරන්නත් වෙනවා. එක අතකට මිනිසුන්ට කිහිප එනෙකුට හරි රැකියා ලැබෙනවා. එයට ප්‍රසිධිය ලැබෙනවා. තමන්ගේ මහන්සියෙන් හම්බකළ මුදල් නිසා එයාගේ හිතට හොදයි කියල හිතෙන සැප එය ගන්නවා . කාටවත් කරදරකරන්නේ නැතුව; හිංසා කරන්නේ නැතුව. ඒක අපි අගය කල යුතුයි.(දී)

:       0       0

මනුල්ල Saturday, 09 August 2014 07:39 AM

ඕකම මෙහෙ කට්ටියත් කරයි ඔන්න බලන්නකෝ (දී)

:       0       0

සරත් Saturday, 09 August 2014 07:56 AM

ඔහුට සුභ පතනවා (දී)

:       0       0

අසංක Saturday, 09 August 2014 08:11 AM

සල්ලි... සල්ලි......... සල්ලි බලේ (දී)

:       0       0

හදවත Saturday, 09 August 2014 08:19 AM

කව්රු මේකට වැරදි විදියට ප්‍රතිචාර දක්වනවානම් ඔහු නොම්බර 1 ඉරිසියකාරයෙක්.... වැඩකට නැති මෝඩයෙක්... මේක අගය කරන්න ඕනේ කරුණක්... තමාගේ අතින් සෙවන ලබන මෙම දැවැන්තයා ගැන.... එහෙම කරන්න බැරි හින්දා තමා මේ මනුස්සයට බනින්නේ.... මේක කියවන අපේ නිකමෝ ටික වැඩක් කරන්න බැරිනම් ඔය බැනලා අදහස් දාපු අය මේක අගයවත් කරන්න ඇත්තටම මේ මනුස්සය ගැන අපි සතුටු වෙන්න ඕනේ...... (දී)

:       0       0

ලලීන්ද Saturday, 09 August 2014 08:35 AM

මට බැහැ උනා කියලා පුළුවන් එකාට ගරහල වැඩක් නැහැනේ (දී)

:       0       0

ජයන්ත Sunday, 10 August 2014 07:07 AM

මෙතන අදහස් දක්වා තියෙන සමහරු තමයි අනුවණ. ප්‍රවෘත්තිය හරියට කියවලාවත් නැතුව අදහස් දක්වා තියෙන්නේ. ඒ මනුස්සයා රත්තරන් කමිසයක් ඇඳලා යන්නේ තනියම නෙමෙයිනේ. (නි)

:       0       0

කුසුම් Saturday, 09 August 2014 09:06 AM

"ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත" කියන කියමන සනාථ කරමින් තමන්ගේ දක්ෂතා ප්‍රගුණ කර ගනිමින් තමන්ටත් ලෝකෙටත් වැඩදායක පුරවැසියෙක් ලෙස ජීවත්වීමට හැකියැයි ලොවට පෙන්වූ දිරිය සම්පන්න මහත්මයෙක්. එත්, පින්තුරේ දැක්කම නම් මට මතක් උනේ අපේ ප්‍රාදේශීය සභාවල මැස්සන්ගේනුයි, මදුරුවන්ගේනුයි පමණක් තර්ජනයක් තිබෙන මහත්තුරු මේ වගේ දෙතුන් ගුණයක් ආරක්ෂකයින් පිරිවරාගෙන ගමන් කරන ආකාරය. සමහර විට එයාලගේ මුළු ශරීරයේම තියෙන්නේ රත්තරන් කියල හිතාගෙනද දන්නේ නැහැ. (දී)

:       0       0

අසංක Sunday, 10 August 2014 04:18 PM

උත්සාහයෙන් තොරවූ ජයග්‍රහණයක් නැත (නි)

:       0       0

සේන Saturday, 09 August 2014 09:24 AM

කොහේ නමුත් අගේ කලයුතු මනුස්සයෙක්. (බන්දුල පෙරේරා මහත්තයාටත් පොඩි සතුටක් ලැබිල තියෙනවා තම වර්ගයාගේ කෙනෙක් ඉහලට ගිහින් ඉන්නවා දෙකකම) (දී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 August 2014 09:29 AM

මට කැම්පස් යන්න බැරි වුන නිසා කැම්පස් යන අය ගැන හිතේ පොඩි හීනමානයක් තියෙනවා. එක නිසා සමහර වෙලාවට මම මොලේ නැති අදහස් මෙතනට දානවා. ඒ ගැන මට සමාවෙන්න.. (දී)

:       0       0

අජන්ත Saturday, 09 August 2014 09:28 AM

කමිසය රන්, හදවත රන් ද කියල ලිව්වනම් මමත් ඔහුට උපන්දිනේට සුබ පතනවා.. (දී)

:       0       0

කසුන් Saturday, 09 August 2014 09:31 AM

මේ මනුස්සයා කරදේ වැරැද්දක් නැහැ. දකින දකින හැමදේම විවේචනය කිරීම පුරුද්දක් වෙලා. තමංගෙ සල්ලි නම් ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ද අරමුණින් මෙහෙම දෙයක් කලහම මෙනව වෙනවද? ඒ වගේම ගොසිප් එකක් නිසා කීදෙනෙක් නම් බඩවියත රැක ගනීද? (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 08 August 2014 04:23 PM

රත්තරනින් ..රන් ..වළලු බඳින්නයි !රතරනින් ..රන් සේද.. අඳින්නයි !කටුනායක ගුවන් තොටේදී දිනපතා මාට්ටු වෙන්නේ මේ වැඩ වලට අදින බඩු තමා ඉතින් !(අ)

:       0       0

සමන්ත Friday, 08 August 2014 04:33 PM

මේ වගේ මොලේ නැති දේ කරන්න ඉන්දියාවේ මිනිස්සු හරි කැමතියි (අ)

:       0       0

සුපුන් Sunday, 10 August 2014 07:41 AM

උත්සාහයෙන් ගොඩ ආ මිනිහෙක් (නි)

:       0       0

ශාමා දුලාරි Saturday, 09 August 2014 10:18 AM

ඇත්තටම අනුවන මිනිහෙක් (දී)

:       0       0

අරුණ තෙන්නකොන් Saturday, 09 August 2014 10:20 AM

මේ රට කන්නවෙලක් වත් නැති රටක්නේ (දී)

:       0       0

කොස්වත්ත Saturday, 09 August 2014 11:49 PM

ඉන්දියාවේ ඉන්නේ ලෝකයේ කොහෙවත් නැති අමුතුම වර්ගයක් (නි)

:       0       0

දිනූෂ Saturday, 09 August 2014 11:52 PM

මේ වගේ කමිසයක් මටත් අඳින්න ඇත්නම්... (නි)

:       0       0

දුම්මලසූරිය Friday, 08 August 2014 06:16 PM

අනුන්ගේ දේ කඩා වඩා නොගෙන තමාගේ ස්වෝත්සාහයෙන් ලබාගත් දෙයින් ඒ මනුස්සයා ජීවිතය විඳිනවා. අපි ඒ දිහා බලා සතුටුවෙමු. ඇයි මේ අවලාද? (නි)

:       0       0

ඉන්දික Friday, 08 August 2014 06:29 PM

ඔය වගේ අය අපේ රටෙත් ඉන්නවා. (නි)

:       0       0

සිල්වා Friday, 08 August 2014 07:29 PM

සමන්ත, ඔයා ඊර්ෂ්‍යාවේ නේද ඉන්නේ? (නි)

:       0       0

අබේරත්න Sunday, 10 August 2014 02:22 AM

ලංකාවේත් සමහර කපු මහත්තුරු අඳිනවානේ (නි)

:       0       0

ඇම්මේස් ඇම්. අන්සාර් Saturday, 09 August 2014 12:07 PM

මෙව්වා අප රටේ කෙනෙකු කලානම් අනිවාරයෙන්ම අපේ දේශපාලන වේදිකාවලදී, මේකත් අපේ ඒක පුද්ගල සංවර්ධනය හේතුවෙන් වෙච්ච දෙයක් කියා පම්පෝරි ගහයි. (දී)

:       0       0

මොරිස් Friday, 08 August 2014 07:45 PM

අනේ ඇත්තමයි සමන්ත, එහෙත් එයාලා කරන මේ වගේ සෝබන වැඩ අපේ බොහෝ අය අනුකරණය කරන්නේ හරියට හින්දි චිත්‍රපටි වල වගේ. (නි)

:       0       0

තිලකරත්න Saturday, 09 August 2014 12:12 PM

ඔහුගේ උස්සහයෙන් හම්බ කල දේ , වරදක් නැත (දී)

:       0       0

වින්ධ්‍යා Sunday, 10 August 2014 03:03 AM

උගත්කම නැති එකේ පලවිපාක මේවා තමා (නි)

:       0       0

ඉසුරු ලක්මාලි Monday, 11 August 2014 07:39 AM

ඉතින් මොකද වෙන්නේ. තමන්ගේ මට්ටම් තම්මට්ටම් කිව්වලු. ඔය ඇදුමට වියදම් කරපු මුදල් දුප්පත් මිනිසුන් වෙනුවෙනුත් යොදවන්න තිබුනා තමයි, හැබැයි ඒක මේ මනුස්සයාගේ තීරණයක්.අපි නිකන් බොරුවට කෑ ගහලා වැඩක් නෑ. (දී)

:       0       0

හසිත් Friday, 08 August 2014 09:23 PM

මෙහෙ ඇන්ඳා නම් කොහොමට තියෙයිද? (නි)

:       0       0

පුෂ්පා Friday, 08 August 2014 09:23 PM

මෝඩකමට බෙහෙත් නැහැ කියලා කතාවක් තියෙනවානේ! (නි)

:       0       0

ස්ටැන්ලි Saturday, 09 August 2014 12:47 PM

ඉන්දියාවේ ඉන්න අයට වැසිකිලි හදා දෙන්න පුළුවන්නේ මේ මුදලින්, ඊරිසියාවට නෙමේ මේ කිව්වේ. (අ)

:       0       0

චමින්ද-මෙල්බන් Sunday, 10 August 2014 03:30 AM

ඉන්දියාවේ කරන්නේ ලෝකයේ කොහෙවත් නොකරන ඒවා.මොකද හේතුව, " දේශයේ හැටියට කිව්වලු බාසේ " . (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 August 2014 01:02 PM

මෙයානම් කැම්පස් ගිය කෙනෙක්ද කොහෙද? ඒක තමයි මගේ කතාවට මෙච්චර හිත අමාරු කරගෙන තියෙන්නේ.(අ)

:       0       0

නොයෙල් Saturday, 09 August 2014 01:08 PM

ඉතින් ඔයාලත් හම්බකරලා හදාගෙන ඇදගෙන යන්න. අපිට ගානක් නෑ. (අ)

:       0       0

චමින්ද Saturday, 09 August 2014 01:17 PM

ඔයිට වඩා ලංකාවේ ඉන්න සමහර ඇමතිවරුන්ගෙ ළමයි ජොබ් නොකර මෙහෙ පදින වාහන කෝටි ගණන් අපිට බදු එයාලට සැප ඉතින් එහෙම එකේ අර මනුස්සයා රත්තරන් වලින් මොනවා කලත් කාටවත්ම ණය නැති මිනිහෙක් එයා . ඉතින් අපි එයාව ආදර්ශයට ගමු විවේචනය කරන්නෙ නැතුව ඔය විවේචනය කරන අය තමයි අනුන්ට හොඳක් වෙනවට අකමැතිම අය.(අ)

:       0       0

නන්ද Saturday, 09 August 2014 12:47 AM

කමිසය ලස්සනයි නේද? (නි)

:       0       0

උපාලි Saturday, 09 August 2014 02:25 PM

ඉන්දියාවේ ඉන්න මිලියන 150 කට වැඩ මිනිස්සු එදා වේල හොයා ගන්න බැරිව ජීවිතය යුද්ධයක් කරගෙන ඉන්නේ. මේ මෝඩ මිනිස්සුම මේ වගේ බොරු සෝබන වැඩ බලන්නේ විසිල් ගහ ගහ. චිත්‍රපටියකින් මෝඩ විනෝදයක් ගන්නවා වගේ. (අ)

:       0       0

ක්‍රිස්ටි මොහාන් Saturday, 09 August 2014 01:40 AM

ඔන්න උස්සන්ඩ ඕන පොරක්. අපරාදේ අර පොඩි පුතාව උස්සන් ගියේ (නදී)

:       0       0

කින් බෙනට් Saturday, 09 August 2014 03:24 PM

පාසල් අධ්‍යාපනය කියන්නේ විහිළුවක් .. විශේෂයෙන්ම ලංකාවේ..පේනවනේ ප්‍රශ්න පත්තර අවුල් ..(අ)

:       0       0

සහජාන් Saturday, 09 August 2014 02:27 AM

අපේ ලංකාවේ අයගේ වැඩේ අනුන්ට ඉර්සියා කරන එකනේ. ඔය මනුස්සය කරන්නේ තමන්ගේ වියාපාර දියුණු කර ගැනීමට කරනා එක උපක් ක්‍රමයක්. එය බලා අපිත් හැදෙන්ඩ උත්සහ කරන්ඩ බලමු. (නදී)

:       0       0

ගිහාන් Saturday, 09 August 2014 03:31 PM

මේවා ලෝකයේ ඕන තරම් වෙන දේවල් (අ)

:       0       0

සුජා දහනායක Monday, 11 August 2014 03:17 AM

මේ අදහස් වලින් එක දෙයක් පැහැදිලි වෙනවා. අපේ සමහරු හරි කුහකයි. උත්සහවන්තයා ජය ගනී කියන්නේ ඕකට තමයි (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 09 August 2014 02:59 AM

මම මේ කල්පනා කලේ අර අපේ කැම්පස් ගියාම ජිවිතේ සම්පුර්ණයි, තමන් සියල්ල දත් කියල හිතන් ඉන්න අය කොච්චර මේ මනුස්සය යටතේ පඩියට වැඩ කරනවා ඇතිද කියලා. වාසනාවට මේ මනුස්සය වැස්සකටවත් කැම්පස් නොගියේ. (නදී)

:       0       0

රුවන් Saturday, 09 August 2014 04:31 PM

මේ වගේ ගොන් වැඩක් අපේ රටේ කවුරු කරයි ද දන්නේ නෑ මෙයාලට වැඩිය අපේ රටේ හරක් වැඩි . (අ)

:       0       0

බසිත් Saturday, 09 August 2014 05:03 PM

ඔය මිනිහා හෙළුවෙන් ගියත් අපිට මොකෝ එයාට හොදනම් (දී)

:       0       0

බමුණු Sunday, 10 August 2014 05:45 AM

මේ වගේ මැට්ටෝ ඉන්නේ ඉන්දියාවේම තමයි (නදී)

:       0       0

රෝහණ Sunday, 10 August 2014 05:55 AM

මේ වගේ ඒවා ඉතින් කාඩ් එක දාගන්නනේ කරන්නේ. (නදී)

:       0       0

මලිත් Sunday, 10 August 2014 05:56 AM

බොඩිගාඩ්ල ඉන්න හින්දා ප්‍රශ්නයක් නැහැ.කෝ එත් මේ ෆිල්ම්වල වගේ වෙපන්. නැහැනේ. (නදී)

:       0       0

රාවණ Sunday, 10 August 2014 06:01 AM

බමුණු, ඒයාට මැට්ටා කියන්න එපා. පවු. දුප්පත්කම ජයගත් දිරිය පුත්‍රයෙක්නේ. එයාගේ ආසාවනේ ඒක. (නදී)

:       0       0

නිලුඋප Saturday, 09 August 2014 06:16 AM

මේව දකිද්දී කන්න නැතුව මිනිස්සු ඉන්නවා කියලා මතක් වෙන අය, ගිහින් හම්බ කරල ඒ අයට කන්න දුන්නානම් හරි (අ)

:       0       0

විජය Sunday, 10 August 2014 06:05 AM

කොස්වත්ත, සිංහලයා ආවෙත් ඉන්දියාවෙන්. හරිද? කොහෙවත් නැති ජාතියක් කොහෙද ඉන්දියාවේ ඉන්නේ. අනික ඇයි අපේ රටෙත් ඔය වගේ ලොක්කෝ ඉන්නේ ඕනෑතරම්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 270 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 112 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 8468 15

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 97 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 411 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 729 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site