IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සතුට අතින් ලංකාව 137 වැනි තැනට

ලොව සතුටින්ම සිටින ජාතීන් අතරින් ශ්‍රී ලංකාවට 137 වැනි ස්ථානය ලැබි ඇත.

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ඇතිව නිකුත් කරන ‘මර්ලඕ හැපිනස්‘ වාර්තාව මගින් මෙය ඉදිරිපත් කරන ලදී.

මෙම වාර්තාවට අනුව ලොව සතුටින් සිටින ජාතිය වනුයේ ඩෙන්මාර්කයයි.

මෙම වාර්තාව සකස් කිරීම සඳහා රටවල් 156ක් තෝරා ගෙන ඇත.

කොළොම්බියා විශ්ව විද්‍යාලයක් මගින් සකස් කර ඇති මෙම වාර්තාව සදහා දළ දේශීය නිෂ්පාදිතය, ආයු අපේක්ෂාව, සමාජ නිදහස, තේරීමේ නිදහස ආදී නිර්ණායක භාවිත කර ඇත.

ඩෙන්මාර්කය 7.793ක් ලබා පළමු ස්ථානයේ පසුවන අතර, නෝර්වේ 7.655ක් ලබා දෙවැනි ස්ථානයේ ද, ස්විස්ටර්ලන්තය 7.650ක් ලබා තුන්වැනි ස්ථානයේද පසුවෙයි.



අදහස් (0)

සතුට අතින් ලංකාව 137 වැනි තැනට

එදිරිසිංහ Thursday, 12 September 2013 06:34 PM

තනි ඇහැට ඇඩෙනවා(දී)

:       0       0

චාමර Thursday, 12 September 2013 01:56 PM

කවුරු මොනවා කියුවත්මගේ රට තමයි හොදම (දී)

:       0       0

පද්මේ Thursday, 12 September 2013 02:03 PM

මුල් රටවල් 05 මෙන්න ඩෙන්මාර්ක්,නොර්වේ,ස්විස්ටර්ලන්තය,නෙදර්ලන්තය සහ ස්වීඩනය අන්තිම රටවල් 05 මෙන්න රුවන්ඩා, බුරුන්ඩි, මද්යම අප්‍රිකාව, බෙනින් සහ ටෝගෝ. ඇමරිකාව මුල් 17 වන ස්ථානයේය. (දී)

:       0       0

ෆාරුස් Thursday, 12 September 2013 06:36 PM

ඇති ඒ තැනවත් ඉතුරු උනා (දී)

:       0       0

තරිදු Thursday, 12 September 2013 06:36 PM

ඒ තරම්ම අපිට සතුටක් නැද්ද? (දී)

:       0       0

චමින්ද Friday, 13 September 2013 03:51 AM

බටහිර කුමන්ත්‍රණයක් සුවෙර් එකටම (අ)

:       0       0

රනා Thursday, 12 September 2013 02:17 PM

මට පේන්නෙ මේක හරි... මොන තරම් ලැබීම් තිබුණත්..... එක එක්කෙනාගෙ කෙනහිලිකම්, ළඟ අපි හැමෝම අසතුටෙන්. (ස)

:       0       0

විරාජ් Thursday, 12 September 2013 02:45 PM

ලෝකයේ ඉහලින්ම සුරාපානය කරන ජනතාවක් සිටින රටකට ලැබුණු ස්ථානය ගැන විශ්වාස කළ නොහැක. (ස)

:       0       0

පද්මේ Thursday, 12 September 2013 02:46 PM

ලොව සතුටින්ම සිටින දේශපාලකයින්ගෙන් නම් ලංකාව නො 01. (ස)

:       0       0

ලුම්බිණි Thursday, 12 September 2013 03:01 PM

මට පුදුම බංගලාදේශ් වල මිනිස්සු අපට වඩා සතුටින් සිටින අතර බල්ගේරියාවේ මිනිස්සු අපට වඩා දුකින් ඉන්න එකට. (ස)

:       0       0

ටිරෝන් Thursday, 12 September 2013 03:09 PM

එක අතකට අපි මේ ගැන සතුටු වෙන්න ඕනෑ (නි)

:       0       0

මෙනූ Friday, 13 September 2013 08:22 AM

කොහොමද මේක මනිනින්නේ .අලුත් දර්ශක ගෙනත් රටවල් පහතට දාන හැටි(අ0

:       0       0

ගිම්හානි Thursday, 12 September 2013 07:46 PM

කාව අරගෙනද සංගණනය කලේ (දී)

:       0       0

ගැමුණු Thursday, 12 September 2013 03:31 PM

මේ සමික්ෂනවලට නියම දත්තයන් ගන්නේ නැහැ.අපේ රට ගැන කුහක ඉරිෂියාවක් තියෙනවා සමහර සංවිධානවලට. අපිට හිමි තැන ඔයිට වැඩ බොහෝ ඉදිරියෙන්. ඒක තමයි ඇත්තම ඇත්ත. (දී)

:       0       0

ඉන්දික Friday, 13 September 2013 09:00 AM

ලංකාව ථෙරවාදී බුද්ධාගම අදහන රටක්. ඒක හරියට කරනවා නම්, ලද දෙයින් සතුටුවෙලා ආශාවල් පස්සේ දුවන්නේ නැතුව හිටියොත් සියල්ලටම සතුටින් ඉන්න පුළුවන්. කොහොමත් මේ ප්‍රතිපල නම් මම පිළිගන්නේ නැ. ඔය කියන බොහෝ රටවලට වඩා අපේ මිනිස්සු සතුටින් ඉන්නවා. හැබැයි යූඑන්පී අය නම් අසතුනින් මොකද? අවුරුදු 20 කින් විතර ආණ්ඩුවක් පිහිටුවා ගන්න බැරි වුන නිසා. සමීක්ෂණයට ගත්තේ යූඑන්පී අය විතරද දන්නේ නැ. (ස)

:       0       0

ආනන්ද Friday, 13 September 2013 09:01 AM

අනේ මේ කමෙන්ට්ස් නිසා මම නම් හරිම සතුටින් තමයි හැමදාම ඉන්නේ. ඉතින් මාවත් ඔය සංගණනයට ගන්නකෝ.(නදී)

:       0       0

ඉන්දික Friday, 13 September 2013 09:01 AM

සාමා, ඇයි 2009 ලැබිච්ච සතුට බල තණ්හාව නිසා නැති උනා මතකයි නේද ?(නදී)

:       0       0

දිල්ශානි Thursday, 12 September 2013 03:43 PM

ලෝකේ අසතුටින්ම ඉන්න රටවල් තේරුවොත් අපේ රට මුල්ම රටවල් අතරට එවි නේද? (දී)

:       0       0

මිනිපෙ Friday, 13 September 2013 09:08 AM

සතුටින් ඉන්නද ඕනේ? හරි ලෙහෙසියි.තව කෙනෙක් වගේ හෝ අනුන්ව අනුකරණය නොකර තමන්ගේ අදායමට අනුව ජිවත් වන්න.මහා මෙර දිහා බල බලා උහුලන්න එපා.ඕනවට වඩා ජිවිතයෙන් හෝ අනිකුන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා.හදිසි ධන ලාබ ඔඩොක්කුවට වැටෙනකම්, මිරුගුවන් පසු පස ලුහු බඳින්න එපා.තමාගේ හැකියාවන් නොවැරිදිව වටහාගන්න.තම ගේ හැකියාවන් හා ලැබූ අධ්‍යාපනයට අනුකුලව සම්පත් බලපොරොතු වෙන්න. (ස)

:       0       0

කාලිංග Thursday, 12 September 2013 08:28 PM

ලංකාවේ සතුටින් ඉන්න එක සාමාන්‍ය පන්තියේ මිනිහෙක් පෙන්නන්න පුලුවන්නම් අභියෝග කරනවා (දී)

:       0       0

සාමා Thursday, 12 September 2013 08:28 PM

අපේ නිදහස සහ සතුට 1948 දී ඇතිවූ නමුත්??????...... කවුරුන් විසින් හෝ එය සොරාගෙන ගොස් ඇත. (දී) .

:       0       0

රොබට් Thursday, 12 September 2013 03:53 PM

මමත් යුරෝපයේ බොහෝ රටවල් ඇතුළු රටවල් ගොඩකට ගිහින් තියෙනවා.කියුබාව කියන්නේ පොහොසත් රටක් නෙමෙයි.නමුත් ඒ රටේ මිනිස්සු ඉන්නේ පුදුම සතුටකින්.පාරේ ඇවිදින්නෙත් ගී ගයමින් නටමින් .නමුත් ඔයකියන රටවල මිනිසුන්ගේ එතරම් සතුටක් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් Friday, 13 September 2013 09:25 AM

රවී . මම හිතුව රටවල් 136යි සමීක්ෂණයට අරන් තිබුනෙ කියල. (අ)

:       0       0

තිලක් - ඩුබායි Friday, 13 September 2013 09:26 AM

කාලිංග, ලංකාවේ සතුටින් ඉන්න එක සාමාන්‍ය පන්තියේ මිනිහෙක් පෙන්නන්න පුලුවන්නම් අභියෝග කරනවා. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 September 2013 09:31 AM

ලංකාවේ මින්ස්සු මොන සතුටකින්ද ඉන්නේ කියලා එයාලගේ මැළවුන මුහුණු දකිද්දී තේරෙනවා. ගැහැණු පිරිමි දෙපාර්ශවයම වයසට වැඩිය මහලු පෙනුමක් කින් පසු වෙන්නේ. එදිනෙදා ජීවිතය ජීවත් කරවන්න බැරිව. රටේ 95% අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. ලංකාවේ වැහැරුණු මුහුණු දකිද්දී ඉතියෝපියාවේ, සෝමාලියාවෙවත් නැතිව ඇත් මේ තරම් මානසිකව දුක් විදින ජනතාවක්.(නදී)

:       0       0

අසංග Thursday, 12 September 2013 04:00 PM

දිල්ශානි, ඇයි ඔයා ලංකාවට වෙලා ඉන්නේ කරුණාකරලා සතුටුවෙන්න පුළුවන් රටකට යන්නකෝ...අපේ රට උතුම් රටක්.ගැමුණුගේ අදහස් වලට මමත් එකඟයි. (දී)

:       0       0

නිමල් Thursday, 12 September 2013 08:53 PM

ඇයි අපි එච්චර පහතට වැටිලා? (දී)

:       0       0

ටිකිරි බංඩා Friday, 13 September 2013 09:34 AM

අචිනි, වංචාව සහ දූෂණය අතින් පලමු තැන දිනාගන්නේ ලංකාවයි. දේශපාලනයට පිරවර මනින ළදරු කොල්ලත් අර්ථ පොත් තබන්නේ ලක්ස 66500 කින්. ඩොලර් මිලියන 50 කින්.(නදී)

:       0       0

අචිනි Thursday, 12 September 2013 04:04 PM

වංචාව සහ දූෂණය අතින් පලමු තැන දිනාගන්නේ ලංකාවයි (දී)

:       0       0

ඉන්දික Friday, 13 September 2013 10:07 AM

තිලක් - ඩුබායි, ඔයා ලංකාව ඇවිල්ලා බලන්න. සල්ලි තියෙන මිනිස්සුන්ට වඩා දුප්පත් මිනිස්සු සතුටින් ඉන්නවා. ඔයා ඩුබායි නිසා ඔයාගේ නෝනා නම් දුකෙන් ඇති. !!!!!!!!! (ස)

:       0       0

ඉන්දික Friday, 13 September 2013 10:08 AM

තිලක්, රටවල් 136 නම් තිබුනේ, 137 වෙන්න කොහොමද ?? (ස)

:       0       0

නිලමේ Thursday, 12 September 2013 09:31 PM

මේකත් ජාත්‍යන්තර කුමන්ත්‍රනයක් කියල හිතාගෙන තත්පර දෙකකට විතර සතුටු වෙමු නේද? (දී)

:       0       0

රුවන් Friday, 13 September 2013 10:20 AM

කාලිංග, මම ඔයාට අභියෝග කරනවා. මම ඉන්නේ ඉතාම සතුටින්. (ස)

:       0       0

රුවන් Thursday, 12 September 2013 04:28 PM

ඔය ලංකාවට බනින ලංකාවේම අය පිටරටක මාස 3ක් ඉන්න. එවිට තේරෙයි ලංකාව කියන්නේ දිව්‍ය ලෝකයක් කියා.ලංකාවේ සියලු දේ ලාබයි. නමුත් ආදායම මදී.මම රටවල් අටකට ගිහින් තිබෙනවා. (නි)

:       0       0

අමිල - බලන්ගොඩ Thursday, 12 September 2013 04:30 PM

අසීමිත ආශාවන් පස්සේ දුවනකොට කොහෙන්ද සතුටක්? ජීවිතේ විඳින්න නම් බුදුදහම ගැඹුරෙන් හදාරන්න. ජීවිතේම එතකොට සතුටක්. (නි)

:       0       0

කුමාර් Thursday, 12 September 2013 10:02 PM

ලංකාවේ සෙනග මහා අනුවන සෙනගක්, හැම දේටම පෙර කරුමය කීය කියා, තැවී තැවී ඉන්න එකතමා කරන්නේ. හැම දෙසුමකටම කියන්නෙත් ඒක විතරය් නේ. (දී)

:       0       0

නිමල් ජයසිංහ Friday, 13 September 2013 10:35 AM

මේ දවස්වල සතුට තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රික්කයෙ .මේ සමීක්ෂණය පරණම එකක ප්‍රතිඵල වෙන්න ඇති. (ස)

:       0       0

රුවන් Thursday, 12 September 2013 04:41 PM

විශේෂයෙන්ම මැද පෙරදිග,මුස්ලිම් රටවල කාන්තාවන් සිටින්නේ ලොකු මානසික පීඩනයක. මේ කාන්තාවන්ට සමතැන කෙසේවෙතත් නිසිතැනවත් ලැබෙන්නේ නැහැ. (නි)

:       0       0

මලිති ඇමරිකා Thursday, 12 September 2013 10:54 PM

රුවන් ඔබ හරි . මේ රටේ එකට ඉදගන කෑම වේලක් කන්න පවුලේ අයට වෙලාව හෝ නිදහස නැහැ. ශ්‍රී ලංකාවේ අපි සම්බෝල එක්ක බත් ටික සතුටින් පවුලම එකට ඉඳගන කනවා . (දී)

:       0       0

රුවන් Thursday, 12 September 2013 05:29 PM

කෝ බන්දුල පෙරේරා මහත්තයා? අපේ පක්ෂයේ කෙනෙක් හැටියට ලංකාව ගැන මොනවාහරි ලියන්නකෝ. (නි)

:       0       0

රන්ජනී Thursday, 12 September 2013 01:05 PM

නොර්වේ එන්න තිබ්බේ පලවෙනි ස්ථානයට, ලංකාව දිහා බලලා තවත් සතුටු ඇති?මේ ගොල්ලන්ට (ස)

:       0       0

නිසාර් Thursday, 12 September 2013 01:07 PM

සංස්කෘතියක්, සමාජ සදාචාරයක් නැති, වියාකූල වෙච්ච පවුල් සංස්තාව තියන ඔය බටහිර ජාතිකයන් කොහොමද මුලට ආවේ. ජාතික නිෂ්පාදනය වැඩි ආයුෂ තිබ්බා කියලා සතුට වැඩි වෙනවාද. (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 12 September 2013 01:23 PM

අපේ රටේ දැන් ප්‍රධාන ආදායම පිටරටට ශ්‍රමය විකිනීම.කී දෙනෙක් පිටරට රැකියා කරනවද? දරුවන්ට මාපියෝ නැහැ.ස්වාමියාට බිරිඳ නැහැ.බිරිඳට ස්වාමියා නැහැ.පවුල් වලින් ඈත් වෙලා ඉන්නෙ.මමත් එහෙමයි. ඉතින් කොහෙද රටට සතුට. (ස)

:       0       0

දසුනි Thursday, 12 September 2013 06:08 PM

අපි 156 වෙනි තැන නොවීමම කොච්චර සතුටක්ද නේද? (දී)

:       0       0

රවී Thursday, 12 September 2013 01:30 PM

මම හිතුව රටවල් 136යි සමීක්ෂණයට අරන් තිබුනෙ කියල. (දී)

:       0       0

කාන්ති Thursday, 12 September 2013 01:32 PM

මට හිනා යනවා අනේ. මොකද මන්දා නිකම්ම (දී)

:       0       0

සුජීව Thursday, 12 September 2013 01:37 PM

සතුට කිවුවම අපේ අය හිතන්නේ වෙන එකක්. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 13 September 2013 12:44 PM

මේ මොනවා කියනවද ඉන්දික? පොල් ප‍ටවලා වගේ ලංකාවේ මිනිස්සු උදේ හවස වැඩට යනවා දැකලා නැද්ද? (නි)

:       0       0

ප්‍රාර්ථනා Thursday, 12 September 2013 01:49 PM

බටහිර රටවල් සමාජ නිදහස හා තේරීමේ නිදහස ආදී නිර්ණායක නිසා ඉදිරියට එන්න ඇති. (දී)

:       0       0

හේමන්ත Thursday, 12 September 2013 06:27 PM

මේකත් බටහිරටවල නාඩගමක්. මෙයාල මෙහෙම නිගමනවලට එන්නේ, කාගෙන් තොරතුරු අරන්ද? ශ්‍රී ලංකාව සතුට අතින් මුලටම එන්න ඕන රටක්. අපිට කොච්චර ප්‍රශ්න තිබුනත් සතුට නැත්තේ නැහැ. (දී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 12 September 2013 01:50 PM

කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සංගණන නිලධාරීන් ලංකාවට ඇවිත් මැති අමතිවරුන්ගෙයි එයාලගේ නෑදෑයන්ගෙයි සාම්පලයක් අරන් ගිය හන්ද 137 ආව. සංඛ්‍යානයේ සිද්ධාන්ත වලට අනුව සම්භාවී නියැදියක් ගත්තනම් බලාගන්න තිබුන අපේ රටේ සතුට. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 168 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 105 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 96 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 134 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site