ඝාතනය වීමට පෙර, අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන්ට පාකිස්තානයේ ඇබොට්ටාබාද් නගරයේ නිවසක සැඟවී ජීවත් වීමට හැකියාව ලැබුණේ පාකිස්තාන රජයේ නිලධාරීන් කිහිප දෙනකුගේ සහාය සහ අනුදැනුම ඇතිව යැයි තමන් විශ්වාස කරන බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් ලියොන් පැනේටා පවසයි. ආරක්ෂක ලේකම් පැනේටා ඒ බැව් කියා සිටියේ පෙරේදා (29) ඇමෙරිකාවේ සී.බී.එස්. පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමිනි. ”බින් ලාඩන් සැඟවී සිටි බව තමා දන්නේ නැහැ කියා පාකිස්තාන රජය පවසනවා. ඒත් මා පෞද්ගලිකව ඒක විශ්වාස කරන්නේ නැහැ. පාකිස්තාන රජයේ බහුතරය ඒ ගැන නොදන්නවා වුණත් කිහිප දෙනකු හෝ ඒ ගැන දැන සිටින්න ඇතැයි කියා මා විශ්වාස කරනවා. වසර ගණනක් තිස්සේ මහල් නිවසක ඔසාමා බින් ලාඩන්ට සැඟවී ජීවත් වෙන්න හැකි වුණේ ඒ හින්දයි.” යැයි ආරක්ෂක ලේකම්වරයා පවසයි. බින් ලාඩන් සැඟවී සිටින තැන නිවැරදිව සොයා ගැනීමට හැකිවුණේ ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධි අංශයටය. ඒ, දීර්ඝ කාලයක් තිස්සේ කළ සෙවිල්ලක ප්‍රතිපලයක් හැටියටය. ඇමෙරිකා හමුදාවේ නේවි සීල් භටයන් අතින් සැඟවී ජීවත් වුණු බින් ලාඩන් ඝාතනය කෙරුණේ ඉකුත් වසරේ මැයි 22 වැනිදාය. ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමා සහ හමුදා ප්‍රධානීන්ගේ අණ පරිදි එම මෙහෙයුම සිදු කළේ පාකිස්තාන රජයට කල්තියා දැනුම් දීමක් නොකරය. පාකිස්තාන රජය චෝදනා කරන්නේ ඇමෙරිකාව පාකිස්තානයේ ස්වෛරීත්වය උල්ලංඝණය කළ බවය. එම අවස්ථාවේදී ඇමෙරිකා/පාකිස්තාන ඇයි හොඳයිකම් පළුඳු විය. දෙරට අතරේ හටගත් අර්බුදය, ඉකුත් නොවැම්බර් මාසයේදී ඇමෙරිකා ඩ්‍රෝන යානා මිසයිල ප්‍රහාරයකින් පාකිස්තාන සෙබළුන් 24 දෙනකු මියයෑමත් සමඟ තවත් උග්‍ර අතට හැරී තිබේ. එම අර්බුදය තවමත් විසඳී නැත.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බින් ලාඩන් සැඟවී ජීවත් වුණේ පාකිස්තානයේ උදව් ලැබුණු නිසා