IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කාලි දෙවඟනට නේපාලයේ රජ සැප

දේහ ලක්ෂණ අනුව උපතේදීම තෝරාගන්නා දැරියන් හට ‘‘ජීවමාන ස්වරූපයෙන් සිටින දේවතාවියන්‘‘ යැයි සළකා පුද සත්කාර කිරීමේ පිළිවෙතක් නේපාලයේ ඇත.

මෙම දැරියන් උපතේදීම ශුද්ධවු ජීවිතයක් ගත කිරීමට තෝරාගැනෙන අතර ඔවුන් සැළකෙන්නේ බලයට අධිපති හින්දු දේවතාවිය වන කාලි ගේ මිනිස් ස්වරූපයන් ලෙසය.

තෝරාගැනීමේ පටන් දේවතාවියකට පරිද්දෙන් ඔවුන්ට උවටැන් කෙරේ.

මෙම දැරියන්ට ඇවිදීමටවත් පවා බැතිමතුන් හා පූජකයින් ඉඩ නොදෙන අතර මෙනිසාම ඔවුන් සාමාන්‍ය මිනිසා ඇවිදීමට ඉගෙනගන්නා කාලයද ගතකරන්නේ දෝලාවල,සිංහාසනවල, හා බැතිමතුන්ගේ කර මත නැගීගෙනය.

පාසල් යාම,මිතුරු මිතුරින් ආශ‍්‍රය කිරීම ආදී සියලූ දෑ ඔවුන්ට අකැපය.

කෙසේවුවද මෙම දැරියන්ට දේවතාවියන් ලෙස සදාකාලයටම නොසැළකේ.වැඩිවියට පත්වුනු පසු නැවත සමාජය වෙත යෑමට ඔවුන්ට සිදුවේ.

සමාජය ගැන ඉගෙනගැනීමට තිබූ කාලය දේවතාවියක ලෙස ගතකර ඔවුන් සමාජය වෙත යන්නේ සමාජය යනු මේ යැයි කිසිත් නොදැනය.



අදහස් (0)

කාලි දෙවඟනට නේපාලයේ රජ සැප

දිනේෂ් Thursday, 12 June 2014 03:02 PM

මේ මොන පිස්සුවක්ද. ස්ත්‍රී පක්ෂයට හැමදාම මෙහෙම සලකනවා නම් හොඳයි . (නදී)

:       0       0

සඳුන් Monday, 16 June 2014 03:46 PM

මේක මහ පවක්නේ. පාසල් යන්න, යාළුවන් ආශ්‍රය ක‍රන්න, ඇවිදින්නවත් දෙන්නේ නෑ. ලොකු වෙලා සමාජයට ගියාම අවුරුදු ගානක් පිටුපසින්. (දී)

:       0       0

ශාන සෞදි Thursday, 12 June 2014 11:24 PM

තවම මේ මින්ස්සු මේ මෝහ අන්දකාරයේ ඉන්නවනේ මේක මේ ළමයට කරන මොනතරම් අපරාදයක්ද සලකන එක හොද උවත් ළමයාගේ මුළු අධාපනයම විනාස වෙනවා සමාජය ගැන අවබෝදයක් නැ අනාගතය ගැන විශ්වාසයක් නැ ලොකු උනාම අසරණ වෙනවනේ අනේ මන්ද කවද මේවා නතර වේද (දී)

:       0       0

නිහාල් Sunday, 15 June 2014 08:46 AM

ශානගේ අදහසට මමත් එකඟයි (නි)

:       0       0

චමිලා Friday, 13 June 2014 02:52 AM

බලනකොට ඒකත් අමුතුම චාරිත්‍රයක්.... නමුත් එහි යම් අපූර්වත්වයක් තිබෙනවා (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 15 June 2014 09:57 AM

එක එක විශ්වාස (දී)

:       0       0

නාලක Friday, 13 June 2014 07:57 AM

එක එක රටවල එක එක චාරිත්‍ර, ඇදහිලි, විශ්වාස.... මනුෂ්‍ය සිතෙන් සිතන්න පුළුවන් නිසානේ මේ වගේ එක එක දේවල් හිතලා ඒවා කරන්නේ. (නි)

:       0       0

රොෂේන් දී සොයිසා Thursday, 12 June 2014 07:48 PM

මෙහෙම සලකන්න ගත්තොත් හොදට හිටී (දී)

:       0       0

සමන්ත Thursday, 12 June 2014 12:20 PM

හැම ගැහැණු ළමයෙකුටම මේ විදිහට සලකන්න ලැබුනොත් හොඳයි (දී)

:       0       0

සේන Thursday, 12 June 2014 08:08 PM

මෙම ගැහැණු ලමයින්ට විවාහ වෙන්නත් බැහැ . ඉතින් දිනේෂ් කීවවගේ ගැහැණු සන්හතියටම එහෙම සැලකුවොත් මිනිස් සංහතියට දෙවියන්ගේම පිහිටයි (දී)

:       0       0

ප්‍රදීප් Friday, 13 June 2014 08:45 AM

නේපාලයේ පමණක් නොවේ ලංකාවෙත් මෙවන් චාරිත්‍ර තිබෙනවා (නි)

:       0       0

වරන්ති Monday, 16 June 2014 01:03 PM

ලොගේස්වාරන් කියන්නේ බැට කෑ කාන්තාවක් වගේ. කාන්තවට දෙවඟනක් වීමට අවශ්‍යනම් ඇය මුලින්ම තම දරුවනට හා ස්වාමියාට ආදරය කලයුතුයි අවංක විය යුතුයි. (දී)

:       0       0

ඉසුරු Monday, 16 June 2014 01:09 PM

ඉන්දියාවේ තත්වය ඕක තමයි (දී)

:       0       0

චමි Saturday, 14 June 2014 09:38 PM

එක පැත්තකින් කාන්තාවන්ව දුෂණය කරනවා . අනිත් පැත්තන් කාන්තාව දේවත්වයන් සලකනවා . මේක පුදුම හොල්මන් ලෝකයක් .(දී)

:       0       0

සෑම් Thursday, 12 June 2014 08:28 PM

හරිම ශෝක් මටත් ඔය වගේ කෙනෙක් වෙන්න ආසයි (දී)

:       0       0

ලොගේස්වාරන් Saturday, 14 June 2014 10:48 AM

කාන්තාව හැමදාම දෙවගනකි.බුදු දහමට අනුව ගෙදර බුදුන් අම්ම කියල අහල තියනවා.වෙන මොනවද?කාන්තාවට සලකන එක හොදයි (දී)

:       0       0

අසෝක Saturday, 14 June 2014 10:34 PM

දැන් බලන්න ලංකාවේ කොච්චරක් කියල යන්ත්‍ර මන්ත්‍ර සාස්තර පේන කියන අය ඉන්නවද? එත් අවුරුදු 30ක් යුද්ද කරපු ප්‍රභාකරන්ව අල්ලලා දෙනවා තියා ඉන්න තැනක් වත් කියන්න පුළුවන් උනාද? ඔක්කොමල්ලම කරන්නේ තමන්ගේ පැවැත්ම උදෙසා අනිත් අයව ඇන්දවීමක් පමණයි. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 201 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 530 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ නායකයා ඉල්ලා අස්වෙයි
2024 අප්‍රේල් මස 22 4023 3

ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්


චීනයේ නගර ගිලා බහිනවා
2024 අප්‍රේල් මස 22 408 0

චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ


ඉරාන ජනපති පාකිස්තානයට
2024 අප්‍රේල් මස 22 2577 0

ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ


මැතිවරණයෙන් ජනපති මුයිසුගේ පක්ෂයට ජය
2024 අප්‍රේල් මස 22 75 0

මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site