ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු වටයේදී, තියුණු සටනකින් පසු වත්මන් ජනපති නිකලස් සාර්කෝසි පරදා ඉදිරියට පැමිණීමට සමාජවාදී පක්ෂ නායක ෆ්රන්සුවා ඕලන්ද් සමත් විය. මෙවර ජනපතිවරණයෙන් සමාජවාදී පක්ෂ නායක ඕලන්ද් ජයග්‍රහණය කරනු ඇතැයි ජනපතිවරණයට පෙර පැවැති ජනමත සමීක්ෂණවලින් අනාවැකි පළ වී තිබුණි. ජනපතිවරණය පැවැත්වුණේ පෙරේදා (22) ය. ඡන්ද දායකයන් කෝටි 4.4 ක් ඡන්දය දීමට සුදුසුකම් ලබා සිටි බව වාර්තා විය. පළමු වටයේ ඡන්ද ප්‍රතිඵල ඊයේ (23) උදෑසන වෙද්දී නිකුත් වී තිබුණු අතර ඒ අනුව ෆ්රන්සුවා ඕලන්ද් සියයට 28.4 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගෙන තිබුණි. කෙන්සවටිව් පක්ෂයෙන් තරග කළ ජනපති සාර්කෝසිට හිමි කර ගැනීමට හැකි වී තිබුණේ සියයට 27 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. තෙවැනි ස්ථානයට පත්ව සිටින්නේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ල පෙන්ය. ඇය සියයට 18.5 ක ඡුන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබුණි. ජනපතිවරණයට අපේක්ෂක අපේක්ෂිකාවන් 10 දෙනකු ඉදිරිපත්ව සිටි අතර ඔවුන් අතරින් ඉදිරියට පැමිණ සිටින්නේ මොවුන් තිදෙනා පමණි. සාර්කෝසි සහ ඕලන්ද් ප්‍රකාශිත ඡන්දවලින් සියයට 50 කට වැඩියෙන් ලබා ගැනීමට අපොහොසත් වූ නිසා මැතිවරණයේ දෙවැනි වටය ලබන මැයි 6 වැනිදා පැවැත්වීමට නියමිතය. දෙවැනි වටයේ දී සාර්කෝසි ඉදිරියට පැමිණෙනු ඇතැයි ඔහුගේ පක්ෂය පවසයි. සාර්කෝසිගේ පසුබැසීමට හේතු වී ඇත්තේ ප්‍රංශ ජනතාව ඔහු ගැන කලකිරීමට පත්ව සිටින නිසා යැයි ඕලන්ද් පවසයි. ජනතාවට පාලනයේ සැබෑ වෙනසක් අවශ්‍ය යැයි ද හෙතෙම වැඩි දුරටත් කියා සිටී. සාර්කෝසිගේ පාලනය පිළිබඳ කලකිරී සිටි බොහෝ දෙනා කියා තිබුණේ ඔවුන් සාර්කෝසිට විරුද්ධව ඡන්දය දෙන බව හෝ ඡන්දය දීමෙන් වැළැකී සිටීමට තීරණය කළ බවය.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පළමු වටයෙන් සර්කොස් පරදී:සමාජවාදී නායක ඔලෝන්ද් ඉදිරියෙන්