IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අනවසර එන්නතකින් එබෝලා සුවයි

එබෝලා වෛරසය වැළඳී අසාධ්‍ය තත්වයේ මරණය පෙනි පෙනී සිටි ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනකු මෙතෙක් අනුමත නැති ඖෂධයකින් සම්පූර්ණයෙන් ම සුවය ලබා ඇමෙරිකාවට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මාරාන්තික එබෝලා රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීමට ඉතා රහසිගත පර්යේෂණක් පැවැත්වෙමින් තිබිණි. එම ඖෂධය විවිධ අවස්ථාවලදී ක්ෂීරපායී සතුන්ට ලබා දී සාර්ථක ප්‍රතිඵල ලැබී තිබුණු අතර චිම්පන්සි සඳහා ද ලබා දී සාර්ථක වීම හේතුවෙන් සායනික ප්‍රතිකාර සඳහා යොදා ගැනීමට අවශ්‍ය අවසරය ද ඉල්ලා තිබිණි.

එසේ වුව ද ඖෂධය සඳහා ප්‍රතිකාර අනුමත වීමට පෙර ඇමෙරිකා ජාතික වෛද්‍යවරුන් වන බ්රන්ට්ලි හා නැන්සි රයිට්බෝල් දෙදෙනා එබෝලා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම වෛද්‍යවරුන් බරපතල ගැටළුවක් වී තිබිණි.

ඔවුන් දෙදෙනාගේ ජීවිතය බේරාගැනීමට නම් පරීක්ෂණ මට්ටමේ තිබූ ඉසඩ්මැප් නමැති ප්‍රතිකාරය ලබා දීමට හැකි බව පවසමින් ජාතික සෞඛ්‍ය විද්‍යායතන ඒ වෛදයවරු දෙදෙනා දැනුම්වත් කරනු ලැබිණි. එම ඖෂධය එතෙක් කිසිදු මනුෂ්‍යයකුට ලබා නොදුන් බව දැන දැනත් වෛද්‍යවරු දෙදෙනාම අත්හදා බැලීමක් ලෙස එය ලබා ගැනීමට කැමැත්ත ප්‍රකාශ කළෙන් අනුමත නොවූ ඖෂධය ඔවුන් දෙදෙනාට ලබා දී ඇත.  

මියැදෙමින් සිටි බ්රන්ට්ලි ඖෂධය ලබාදිමෙන් පසු දින තනිවම ස්නානය කළ හැකි මට්ටමට සුව වී සිටියේය. රයිබෝල්ට් ද ඖෂධ ගැනීමෙන් පසු ඉක්මණින් සුවපත් වූවාය. දැන් දෙදෙනා ම විශේෂ ගුවන් යානයකින් ඇමෙරිකාවට ගොස් සිටිති.

එබෝලා සඳහා සොයාගෙන ඇති නව ප්‍රතිකාරය වන ඉසඩ්මැප් මිනිස් පරිභෝජනය සඳහා තවමත් අනුමත වී නැත. සායනික කටයුතු සඳහා එය යොදා ගත හැකිවන්නේ අනුමත කිරිමේ බලය ඇති ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලන ආයතනයේ නිර්දේශය හිමිවුවහොත් පමණි. එසේ වුව ද දැනටමත් ඇමෙරිකානු වෛද්‍යවරු දෙදෙනෙක් සුවපත්ව සිටිති. මේ නිසා අප්‍රිකාවේ දහස් ගණනක් මිනිසුන් බේරා ගැනීමට ඉසඩ්මැප් ඖෂධය ඉක්මණින් ම සායනික කටයුතු සඳහා යොදාගනු ඇතැයි අපේක්ෂිතය. 

140727161349-ebola-doctors-infected-story-top ebola-virus-guinea-border.si_



අදහස් (0)

අනවසර එන්නතකින් එබෝලා සුවයි

සචිත් Tuesday, 05 August 2014 03:42 PM

බෙහෙත හදපු කොම්පැණි එකේ වැඩක්ද දන්නේ නෑ..ඔය බෙහෙත් සමාගම් වල තියෙන්නෙම ඕවගේ යටිකුට්ටු වැඩ තම.(දී)

:       0       0

මංගල Tuesday, 05 August 2014 05:31 PM

දේශීය වෙදකමට ගහන්න තවත් වෙද කමක් නැහැ (දී)

:       0       0

මහේෂ් Tuesday, 05 August 2014 05:31 PM

ලොකයේ බෙහෙත් ව්‍යාපාරය මාෆියාවක්. මාෆියා කාරයන්ගේ කොම්පැනියෙ නෙමෙයි නම් කොහොමටත් අවසරය නොලැබේ. අපේ පුචි රටේ ඔනෙ තරම් හෙල ඔසු තියෙනවා සුව කල නොහැකි යැයි බටහිර වෙදුන් කියන අසනීප සදහා. නමුත් කිසිම අවසරයක් නැත. තවද බ්‍රොකර් දොස්තරලා එම ඔසු කන්ඩෙම් කර නැතිම කරලා දානවා. අපේ රජයේ ආයතන හා දේපාර්ථමෙන්තු නිදි. (දී)

:       0       0

රික්ස් Wednesday, 06 August 2014 07:15 AM

ඇමරිකවම වෛරස් හදලා යවල, වෛරස් හැදුන මිනිස්සුන්ටම ඒවා විකුනනවා (දී)

:       0       0

සමර Tuesday, 05 August 2014 06:41 AM

පින තියෙන්න ඕනේ (දී)

:       0       0

රන්ජිත් සමරතුංග Tuesday, 05 August 2014 06:41 AM

හොද පුවතක් (දී)

:       0       0

ශීලා Tuesday, 05 August 2014 08:23 PM

හොඳ දේ හොඳයි කියාපන් මහේෂ් මලයෝ... ඔය මදිකමක් පුංචිකමක් වගේ දැනෙන්නේ කුහකකමක් නිසාවෙන්.අපේ පුංචි රටේ මේ ලෝකයේ හැමදේටම බෙහෙත් නැහැ. (නි)

:       0       0

සුබසිංහ Tuesday, 05 August 2014 08:25 PM

ඇමරිකාවට ජයවේවා! (නි)

:       0       0

කාන්ති Tuesday, 05 August 2014 08:27 PM

සුව වුණා නම් සතුටුයි (නි)

:       0       0

ගිම්හානි Tuesday, 05 August 2014 11:44 AM

ඉබා ගාතේ බෙහෙත් ගන්න පුරුදු වෙන්න එපා (දී)

:       0       0

ලලීන්ද Tuesday, 05 August 2014 11:43 AM

හැමෝම මෙවන් වැඩ කරන්න එපා වග කියන්න කවුරුත් නැහැ (දී)

:       0       0

මින්දද Tuesday, 05 August 2014 11:43 AM

පෙර පිනකට උන වැඩක්ද කොහෙද (දී)

:       0       0

මල්ලි Tuesday, 05 August 2014 12:16 PM

ලලීන්ද මෝඩ කතා කියන්න එපා මැරුණට පස්සෙ වගකියල මොකටද ඔයාටවඩා මොලේ තියන කට්ටිය තමයි ඕව හදන්නෙ අනුමතකරපු එන්නත් දීල මිනිස්සු මැරිල නැද්ද (දී)

:       0       0

රවිදු Saturday, 09 August 2014 03:30 PM

ඇත්තටම සුබ ආරංචියක්.(අ)

:       0       0

රොෂාන් Tuesday, 05 August 2014 08:58 AM

ඈමරිකාවට පුලුවන් තරම් බනිනවා අපේ මිනිස්සු මරනය පෙනි පෙනිත් මිනිසුන් ගලවගන්න යන්නෙත් ඔවුන්ම නේද? (දී)

:       0       0

අතුල Wednesday, 06 August 2014 04:17 AM

1900 දීජීවිත අපේක්ෂාව සියයට 50යි. ළමා මරණ අනුපාතය ඉතා ඉහලයි. බොහෝ ඖෂධ සංයෝගසොයා ගත්තේ පරිසරයෙනි. අපට නොමිලේ දෙන එන්නත් නොතිබුනා නම් කිසිම මිනිසෙකු ඉතිරි වන්නේ නැත. (ස)

:       0       0

චමිලා Tuesday, 05 August 2014 02:56 PM

ඒ දෙන්න තවම සම්පුර්නයම සුව වෙලා නැහැ . අනික තවම කව්රුවත් දන්නේ නැහැ ඔය බේත් වල අතුරු ප්‍රතිපල මොනවාද කියල (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 154 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 99 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 110 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 36 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 873 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1438 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site